
(බී.ජී. චතුරංග )
මිහින්තලය , කුරුන්දන්කුලම, කුංචිකුලම ප්‍රදේශයේ නිවසක බරපතළ කැපුම් තුවාල සහිතව මියගොස් සිටි කාන්තාවකගේ සිරුරක් සොයාගත්බව මිහින්තලේ පොලීසිය කියයි.
ඇගේ සැමියාගේ සිරුර නිවසේ මුළුතැන් ගේ එල්ලෙමින් තිබියදී සොයාගත් බවද පොලීසිය සඳහන් කළේය.
මෙලෙස මියගොස් ඇත්තේ පළවෙනි පටුමග , කුංචිකුලම , කුරුන්දන්කුලම , මිහින්තලේ ලිපිනයේ පදිංචිව සිටි වෙද ගෙදර ගමරාළලාගේ සේනාරත්න නැමැති 61 හැවිරිදි සැමියා සහ කුසුමා ප්‍රියංගනී නැමැති 56 හැවිරිදි බිරිදකි.
මෙම අඹුසැමි යුවලට දරුවන් දෙදෙනෙකු සිටින බවත් මෙම සිද්ධිය සිදු වන අවස්ථාවේ මෙම අඹු සැමි යුවල පමණක් නිවසේ සිට ඇති බව පොලිසිය කියයි.
දෙදෙනා අතර ඇති වූ පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සැමියා විසින් සිය බිරිඳට පොරවකින් පහරදී ඝාතනය කරඇති බව පොලීසිය සැකකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd