
(සිතුම් චතුරංග)
වවුනියාව ,තවුසිකුලම් ප්‍රදේශයේ කෝවිලක තිබූ වෙන්දේසියක් අතරතුර අඹ ගෙඩියක් රුපියල් 95,000 ක මුදලකට වෙන්දේසි වී තිබේ.
වවුනියාව , තවුසිකුලම ශ්‍රී විනයාගර් හින්දු කෝවිලේ ඊයේ (13) පැවති විශේෂ දේවමෙහෙයක් සහ වැඩසටහනකින් අනතුරුව පූජා වට්ටි සහ පළතුරු වෙන්දේසියට තබා ඇති අතර එහිදී ටොම් ඊ.ජේ.සි වර්ගයේ මෙම අඹගෙඩිය රුපියල් 95,000 ක මුදලකට අලෙවිවූ බව කෝවිල් පාලනාධිකාරිය පැවසීය.
ලන්ඩනයේ සිට පැමිණි යුවළක් විසින් මෙම අඹගෙඩිය මිළදී ගෙන ඇති අතර පූජා වට්ටි සහ තවත් පළතුරු ඇතුළු බොහෝමයක් දෑ වෙන්දේසිවූ බවත් අඹගෙඩියක් මෙපමණ මුදලකට වෙන්දේසිවූ පළමු අවස්ථාව මෙය වන බවත් සඳහන් කළේය.
එලෙස වෙන්දේසියෙන් හමුවන මුදල් කෝවිලේ සංවර්ධන වැඩසටහන් සඳහා යෙදවීමට කටයුතු කරන බවත් පලනාධිකාරිය වැඩිදුරටත් පැවසීය.
මෙසේ හිංදු කෝවිල්තුල වෙන්දේසියේදී මිළට ගනු ලබන පළතුරු ඇතුළු දේ මිළදී ගන්නා හින්දු බතිමතුන් ඒවා අනුභව නොකරන අතර නිවසේ දේව පිළිම අසල නිවසට ආශිර්වාදපතා තැන්පත්කරනු ලබයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයේ ගියත් බූරුවන් බූරුවන්ම තමයි...