(අංජුල මහික වීරරත්න)
ලංකාවේ අඹ අස්වැන්න වාර්තාගත අයුරින් ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
2023 වර්ෂයේ පැවැති දීර්ඝ කාලීන වියලි කාලගුණයෙන් පසු ඇතිවු වර්ෂාව අඹ අස්වැන්න ඉහළ යාමට හේතුවී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.
රුපියල් 800ත් 1000ත් අතර මිලක පැවති TEJC අඹ කිලෝව මේ වන විට රුපියල් 400-500 අතර මිලක් දක්වා පහත වැටී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මේ වනවිට දිවයින පුරා අක්කර දහස් ගණනක අඹ වගා කරන අතර අපනයනය ඉලක්ක කර ගනිමින් වගා කරන TEJC අඹ ප්‍රභේදය අසීමාන්තිකව වගා කිරීම නිසා මිල පහල යාම මගින් නිෂ්පාදනය අඩාල විය හැකි බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.
මෙම තත්ත්වය යටතේ අඹ වගාව තවදුරටත් ව්‍යාප්ත කළ යුතු දැයි විද්‍යාත්මක වාර්තාවක් දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ඇති පශ්චාත් අස්වනු තාක්ෂණ ආයතනයේ දත්ත අනුව මෙරට වගා කෙරෙන සියලුම අඹ ප්‍රබේදවල වාර්ෂික අඹ අස්වැන්න ගෙඩි මිලියන 250ක් පමණ වේ. නමුත් 2023/24 අඹ වාරයේ එම ප්‍රමාණය ඉක්මවා ගිය අස්වැන්නක් ලැබී ඇතැයි දැනට සිදු කර තිබෙන දත්ත එක්රැස් කිරීම් මගින් තහවුරු වී තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ඇමති විකාර කරනවා කියන්නේ මේවාට තමයි. අපනයනය ඉලක්ක කර ගනිමින් වගා කරා නම් ඇයි අපනයනය කරන්නේ නැතිව වගාව ව්‍යාප්ත කිරීම නතර කරන්න වාර්තා කැඳවන්නේ? ගෙඩිපිටින් විතරක් නෙමෙයි, ජුස් හදලා, පල්ප හදලා, ටින් කරලත් අපනයනය කළ හැකියි. ණය නොවී රටට ඩොලර් ගෙන ආ හැකියි.
මේ දෙපාර්තමේන්තුවේ නම් කියන්නේම පච විතරයි.
කොපමණ හැදුණත් දරුවෙකුට බය නැතිව අඹගෙඩියක් දෙන්න විදිහක් නැහැ. කරුණාකර පසු අස්වැන්නට බෙහෙත් ගන්න එපා...
ඒ වුණාට ඔබ කන්න ගියාම මේ ගාණට හොයාගන්න නෑ. හැමදාම වගේ අතරමැදියෝ ඒකෙනුත් හම්බ කරනවා.
2023 වර්ෂයේ පැවැති දීර්ඝ කාලීන වියළි කාලගුණයෙන් පසු ඇතිවූ වර්ෂාව අඹ අස්වැන්න ඉහළයාම නිසා අතුරු නිෂ්පාදන කොතරම් කළ හැකිද? අපනයනය ඉලක්ක කර ගනිමින් වගාකරන TEJC අඹ ප්‍රභේදය අසීමාන්තිකව වගාකිරීම නිසා මිල පහළ යාම සිදුවූයේ මේ වර්ෂයේ පමණි. අපනයනය ඉලක්ක කරගනිමින් වගා කරන TEJC අඹ ප්‍රභේදය අස්වනු වැඩි වී නම් ඒ පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව රටතුළ ඇති TEJC අඹවගාව සහ ලැබීමට නියමිත අස්වනු පිළිබඳව සොයාබැලීමක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ඇමැතිවරයා විදේශ වෙළඳපළ සොයාගැනීම පිණිස කටයුතු කිරීම කළයුතුව තිබිණි. ගොවීන්ට චෝදනා කිරීමෙන් ඵලක් නොමැත. අවශ්‍ය වන්නේ නිසි කළමනාකරණයක් පමණි. ඇමැතිවරයාගේ සහ අදාල අංශවල නිසි කළමනාකරණයක් නොමැති බව හොඳින්ම පැහැදිලි වේ.
අඹ වැඩිපුර හැදෙනවනම් නිෂ්පාදනය අඩු කිරීමද කරන්නෙ? මේක විදෙස් විනිමය ගේන්න පුළුවන් ක්‍රමයකට යොදා ගන්න. මුන් සේරම යන්නේ රිවර්ස් එකට. මෙහෙම රටකට දියුණු වෙන්න පුළුවන්ද?
මේ අයට කන්න බඩ තිබ්බාට මොලේ නෑනේ...
අමු ගොන් තියරි මුට තියෙන්නේ .අඹ වැඩී නම් ,ඒවාට අගය එකතු කරලා ,පිට රට යවන්න බලන්න
මේවා මාර ලොජික් තමයි. අස්වැන්න වැඩි නම් නිෂ්පාදනය අඩුකරනවා. ඇයි ඔය ඉන්දියාව, තායිලන්තය වගේ රටවල් කරන විජලනය කිරීම අපිට කරන්න බැරි? විජලනය කල අඹ වලට ඉතා හොද ඉල්ලුමක් තියනවා. ඊට අමතරව නැවුම් අඹ අපනයනය ඉහල දමා ගැනීම ගැන සොයා බලන්න.
අඹ අස්වැන්න වැඩි වීම වාසනාවක් ලෙස සලකා කල යුතු කරුණු දෙකකට අවදානය යොමු කල යුතුව ඇත. 1. අඹ සදහා නව වෙළද පොළ ඉක්මනින් සොයා ගැනීම 2. අඹ කල් තබා ගැනීමේ තාක්ෂණය හදුන්වා දිමය. වගාව සිමා කිරීම මොන අමන ක්‍රියාවක්ද?
කීයට දුන්නත් මොකටද කන්න බැරි නම් .මීට අවුරුදු 3 කට කලින් ඔය අල්පොන්සු අඹ ගෙඩියක් ගොඩක් රසයි .ඒත් දැන් ගොඩක් ඇඹුලයි .400 නෙමේ 300 ට ගත්තේ
අපේ සිරි ලංකාවේ ඇතිවෙන්න කෘෂිනිලධාරීන් සිටින නමුත් උන්ගෙන් සතපහක වැඩක් නැත .හෝතම්ඹු දේශපාලුවන්ට උවමනා පරිදි උන් වැඩ කරන්නෙ . රටේ අවශ්‍යතාව හදුනන්නෙ නැතුව ඉවක්බවක් නැතිව වගාකළාම ඔහොම වෙනව .රටට විදේශ විනිමය ලැබෙන්නට ඇති ආදායම් මාර්ග ගැන මීට වඩා අවබෝධයෙන් සිටිය යුතුයි. අඹ වලට විතරක් නෙමෙයි, සියලුම බෝග වල අවශ්‍යතාව හදුනාගෙන අඩු වියදමින් වගා කළ හැකි ප්‍රදේශ තුළ එම කටයුතු සිදුකළ යුතුයි. නැතුවනම් මේ රටේ කෘෂිකාර්ම ාාන්තය හදන්න බෑ