(අංජුල මහික වීරරත්න)
අරගලයෙන් පසු උද්ගතවූ තත්ත්වයේදී ජනාධිපති තනතුරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යෝජනා කළ නම් දෙක පක්ෂයේ සභාපති මෛත්‍රිපාල මහත්තයා කුණු කූඩෙට දැම්මා යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
නිමල් සිරිපාල ද සිල්වා හා විජේදාස රාජපක්ෂ මහත්වරුන්ගේ නම් දෙක ජනාධිපති තනතුරට යෝජනා කර ශ්‍රීලනිප කණ්ඩායම පක්ෂයේ සභාපති මෛත්‍රිපාල මහතාට යෝජනාව දුන් නමුත් ඒකට වෙච්ච දෙයක් අද වෙනතුරුත් දන්නේ නැතැයි ද ඒ යෝජනාව කුණු කූඩෙට වීසි කළ බව පස්සේ ආරංචි වූ බවද අමාත්‍යවරයා කීය.
ජනාධිපති තනතුර බාර ගන්න අද ඔය කෑ ගසන කිසි කෙනෙකුට කොන්දක් තිබ්බේ නැති බවද අමරවීර මහතා පැවසීය.
නමුත් තනි අලියා වාගේ පාර්ලිමේන්තුවට ආපු රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති තනතුරේ අභියෝගය බාර ගෙන දැන් එතුමා ඒ වැඩේ කරගෙන යන බවද අමරවීර මහතා කීය.
අනුරාධපුර වගයාකුලම දේශගුණ සුහුරු කෘෂිකාර්මික පුහුණු පාසල විවෘත කරමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
699
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අමරවීර මෛත්‍රීපාල ගැන පැරණි කතාවක් හෙළිකරයි
sharm warn Tuesday, 06 December 2022 12:48 PM
ඉතින් ඇත්තනේ. කුණු බාල්දියට දාන්න ඕන දේවල් මේසේ උඩ තියන්නේ නෑ කවුරුවත්. තව ඉන්නව කුණු බාල්දියට දාන්න ඉතාම සුදුසු කට්ටිය. තමුනුත් ඇතුළුව.