
(මනෝප්‍රිය ගුණසේකර)
පාර්ලිමෙන්තු මන්ත්‍රී අමරකීර්තී අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරියාට පහරදී ඝාතනය කළ බවට විත්තිකරුවන් 42 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසුරියය මහතා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලදී.
මෙය සමාජයේ මහත් කැළඹීමක් කළ සිදුවීමක් නිසා මෙම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන්නැයි නීතීපතිවරයා කළ ඉල්ලීමක් පිළිගනිමින් අගවිනිසුරු ජයන්ත ජයසුරියය මහතා විසින් මෙම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරන ලදී.
ගම්පහ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් යුත් මෙම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරුන් වශයෙන් රශ්මි සිංගප්පුලි සහ රුවන් පතිරණ යන මහත්වරු කටයුතු කරති.
2022 මැයයි මස 09 වැනිදා හෝ ඊට ආසන්න දිනයක නිට්ටඹුව ප්‍රදේශයේදී පාර්ලිමෙන්තු මන්ත්‍රී අමරකීර්තී අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරියා වශයෙන් කටයුතු කළ පොලිස් නිලධාරියාට පහරදී ඝාතනය කිරීම ඇතුළු චෝදනා 14ක් යටතේ විත්තිකරුවනන්ට එරෙහිව නඩු පවරා ඇ.
පහරදීම” ඝාතනය කිරීම” ඔවුන් ගමන්ගත් ජීප්රථයට පහරදී රුපියල් මිලියන 45ක ආලාභයක් කිරීම” එම ජීප්රථයෙය් අමතර රෝදය සහ පැති දොරක් සොරා ගැනීම” පාර්ලිමෙන්තු මන්ත්‍රී අමරකීර්තී අතුකෝරල මහතාගේ අතේ පැළද සිටි මුදු තුනක් සොරා ගැනීම” ඔහුගේ සාක්කුවේ තිබු බිරිඳට අයත් ණය කාඩ් පතක් සොරා ගැනීම සහ ඉන් නීතීවිරෝධී අන්දමින් භාන්ඩ මිලදී ගනීම ඇතුළු චෝදනා විත්තිකරුවන්ට එරෙහිව නඟා ඇත.
මෙලෙස චෝදනා ලැබ සිටින විත්තිකරුවන් 42දෙනා අතුරින් විත්තිකරුවන් 37 දෙනෙකු මේ වන විටත් රිමාන්ඩ් බාරයේ පසු වන අතර තවත් විත්තිකරුවන් 05 දෙෙකු ඇප මත මුදා හැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනී මරපු ජෙප්පෝ බේරගන්න අනුර කු මාර ජේවීපී පක්ෂ අරමුදලෙන් සල්ලි වියදම් කරනවද? ජේවීපී ලෝයර්ලා පෝලිමේ ඉන්නවාලු නොමිලේ පෙනී සිටින්න.