IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අමරකීර්ති ඝාතනයේ විත්තිකරුවන් 39කට අධි චෝදනා

 

(ආනන්ද ඉ. ජයකොඩි සහ ටෝනි කරුණානායක)

පොලොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් 39 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ අධිචෝදනා පත්‍ර ගම්පහ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ (19) භාර දුන්නේය.

පුද්ගල ඝාතනය ඇතුළු අධිචෝදනා 14ක් යටතේ මෙම විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා ගොනුකළ අධිචෝදනා පත්‍ර භාරදීම ඊයේ (19) විවෘත අධිකරණයේ දී සිදුවූයේ මහාධිකරණ විනිසුරුවරුන් වන සහන් මාපා බණ්ඩාර (සභාපති), රශ්මි සිංගප්පුලි සහ ඩී.ඒ. රුවන් පතිරණ යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ දීය.

අධිචෝදනා පත්‍ර භාරදීමෙන් පසු අධිකරණයට කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙය විශේෂ නඩුකරයක් වන බැවින් දිනපතාම හෝ සතියකට නියම කරන දින කිහිපය දී නඩු විභාගය පවත්වා අවසන් කිරීමට කටයුතු කරන ලෙසය.

මෙය විශේෂ නඩුකරයක් වන බැවින් ඉක්මන් නඩු විභාගයක් සඳහා අගවිනිසුරුවරයා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කළ බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයේ දී ප්‍රකාශ කළේය.

මේ වනවිටත් මෙම නඩුවේ විත්තිකරුවන්ගෙන් දෙදෙනකු නඩුවට ඇතුළත්ව නොමැති බවත්, ඉන් එක් විත්තිකරුවකු විදේශ රටකට පැනගොස් ඇති අතර අනෙක් විත්තිකරු පදිංචි ස්ථානයෙන් පැනගොස් ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

මේ තත්ත්වය යටතේ රක්ෂිත භාරයේ සිටින විත්තිකරුවන්ට ඇප නියම කළහොත් ඔවුන් නඩු විභාගයට බලපෑම් කළ හැකි ඉඩ අවස්ථාව වැඩි බැවින් ඔවුන්ට ඇප දීම ප්‍රතික්ෂේප කරන ලෙස ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත්වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය නඩු විභාගය සඳහා කැඳවීම ලබන ජුලි මස 07 වැනිදා තෙක් කල් තැබීය.

‘‘ගෝඨා ගෝ ගම’’ හා ‘‘මයිනා ගෝ ගමට’’ මැර ප්‍රහාරයක් එල්ලවූ ඉකුත් 2022 මැයි මස 09 වැනිදා පස්වරුවේ දී නිට්ටඹුව නගරයේ ඇතිවූ මහජන නොසන්සුන්තාවක දී පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල හා ඔහුගේ ආරක්ෂක නිලධාරියා වූ පොලිස් සැරයන් අහංගම විතාරනලාගේ ජයන්ත ගුණවර්ධන යන දෙදෙනා ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනා 14ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා නගනු ලැබ තිබිණි.

මෙම නඩුවට අදාළ විත්තිකරුවන් 42 දෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබූ අතර, පසුව ඉන් සැකකරුවකු නිදහස් කර තවත් සැකකරුවන් පස්දෙනකු ඇප මත මුදා හැර ඇත. එමෙන්ම තවත් සැකකරුවන් දෙදෙනකු බන්ධනාගාරය තුළ දී මියගොස් තිබේ.



අදහස් (3)

අමරකීර්ති ඝාතනයේ විත්තිකරුවන් 39කට අධි චෝදනා

Samitha S. Aluthgamage. Tuesday, 20 June 2023 07:27 AM

සාමකාමීව පැවැති මහජන උද්ඝෝෂණයට අරලිය ගහ මන්දිරය ඉදිරිපිටදී මැර කල්ලි ප්‍රහාරයක් එල්ල වුණා. මේ නිසා උද්ඝෝෂනය ප්‍රචණ්ඩ ක්‍රියා දක්වා වර්ධනය වුණා.අරලිය ගහ මන්දිරය ඉදිරිපිටදී සිදුවූ මේ අනීතික ක්‍රියාවට ප්‍රථමයෙන්ම දඬුවම් හිමිවිය යුතු වුවත්,මේ රටේ නීතිපති ඒ ගැන එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ.අරගලයේ අය හෝ පොහොට්ටු මැරයන් හෝ නීති විරෝධී ලෙස හැසිරුණා නම් දෙපාර්ශවයටම දැඩිව පොදුවේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි.ඒත් පොහොට්ටු මැරයන්ට එරෙහිව නිසිලෙස නීතිය ක්‍රියාත්මක වන්නේ නැති බව පෙනේ.අද දප්පුල ලිවේරා මහතා සිටියා නම් මේ නීතිපති වගේ නොවන්නට ඉඩ තිබුණා.අහෝ .. නීතියේ දෙව්දුවනි ..

:       2       7

geeth Tuesday, 20 June 2023 08:47 AM

ඇයි අනිත් අපරාධ නඩු හදිසි නැද්ද? රටේ දරුණු අපරාධකාරයො, සාහසික මිනීමැරුම් සැකකරුවන්ට ඇප දීල තියෙනව එක පාරක නොව කීපවතාවක්ම, වෙන මිණිමැරුම් නඩු වල තීන්දු එන්න දශක ගණන් යද්දි ඇයි මේකට විතරක් විශේෂයක් කරන්නෙ? ඉන්න හිතෙන රටක්ම තමයි

:       3       6

fairoos Tuesday, 20 June 2023 12:24 PM

එතකොට රටේ ආර්ථිකය ඝාතනය කර නිදැල්ලේ ඉන්න නන්දසෙනට දඬුවම් නැද්ද?

:       6       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 517 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site