
(පද්මසිරි ගාර්දියවසම් )
රුපියල් කෝටි ගණනක් වටිනා බව කියන අම්බර් කිලෝ 04 ග්‍රෑම් 10 ක් ළඟ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු හම්බන්තොට නගරයේදී අත් අඩංගුවට ගත් බව හම්බන්තොට මූලස්ථාන පොලිසිය පවසයි.
සැකකරුවන් දෙදෙනා මාතර - ගන්දර බටහිර සහ නාකුලුගමුව ගලගම ප්‍රදේශවල පදිංචි කරුවන් වෙති .
සැකකරුවන් ගෙන් එක් අයෙකු 45 හැවිරිදි ධීවරයෙකු වන අතර අනෙක් සැකකරු 34 හැවිරිදි ජායාරූප ශිල්පියෙකු වන බවද පොලිසිය පැවසීය .
අත් අඩංගුවට ගත් සැකකරුවන් අද (15) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්බර් යනු තල්මහ විසින් පිටකරන අපද්‍රව්‍යයකි. මේක මත්ද්‍රව්‍යයක් නොවේ. අම්බර ලබාගන්න තල්මහ මරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බොහෝ දුරට මේවා මුහුදේ පාවෙනවා. එහෙම නැතිනම් වෙරළේ තිබෙනවා. අම්බර ළඟ තබාගෙන හිටියා කියලා නඩු දමලා කරදර කරන්නේ නැතුව අම්බර සොයාගත් කෙනෙකුට ඒවා අලෙවි කරලා රජයට යම්කිසි වැට් බද්දක් හෝ වෙනත් බද්දක් ලබාගන්න එක නේද කරන්න ඕනේ... නැතිනම් මේවා සොයාගන්න පුද්ගලයෝ ජාවාරම් කාරයෝ මාර්ගයෙන් විකුණා ගන්නා නිසා පෝසත් වෙන්නේ ජාවාරම් කාරයෝ...!
පුදුම රටක්, පොළවෙන් ගන්න මැණික් විකුණන්න පුළුවන් නම් මොහුගෙන් ගත්තු අම්බර් ළඟ තබාගන්න බැරිද?
අම්බර් යනු තල්මසුන්ගේ ශුක්‍රාණු හා බඩවැල්වල ස්‍රාවයක් ලෙස හටගන්නා ඉටි වැනි ද්‍රව්‍යයක් වන අතර එය ඉතාමත් ඉහළ මිලගණන් යටතේ නිෂ්පාදනය සුවඳ විලවුන් සඳහා භාවිතා කෙරේ. ඇත්තටම මුහුදෙන් රත්තරන් පාවෙලා ලැබෙනවා වගේ ධීවරයින්ගේ වාසනාවට ලැබෙන දෙයක් මිසක් ඔවුන් තල්මසුන් මරා සන්තකයේ තබාගත් දෙයක් නොවෙයි... පත්වන හැම රජයකින්ම දුප්පත්කම තුරන් කරන්න ධීවරයින්ට ඉන්ධන සහනාධාර සමුර්දි ආධාර එකී නොකී පුහු වැඩ කීයක්නම් කරනවාද...? ඒත් ඇත්තටම විය යුත්තේ ධීවරයාගේ වාසනාවට පාවෙලා ආපු මේ වටිනා වස්තුව රජයේ මැදිහත්වීමෙන් හොඳ මිලකට විදේශ වෙළෙඳපලේ ඩොලර් ලබාගතහැකි ක්‍රමයක් නිර්මාණය කර ඒ මගින් ඒ ධීවර පවුල් දෙකට දීම නෙවෙයිද..? එහෙම දුන්නා නම් ඒ පවුල්දෙක ඇතුලේ අනු පවුල් කීයක් දුප්පත්කමින් මුදවා ගැනීමට හැකියාවා තියෙනවාද...? පවුල් කීයක දරුවන්ගේ මූණුවල ලස්සන හිනාවක් සමග ලස්සන අනාගතයක් ඔවුන්ට උරුම වෙන්නේ නැද්ද...? බුද්ධිමත් ජනතාව හිතන්නට බාරයි...!