
(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර මහා රෝහලේ අක්ෂි වාට්ටුවේ සේවය කරන වෛද්‍යවරයකු ඔහු නැවති සිටි පෞද්ගලික නේවාසිකාගාරයේ ඇඳ මත මියගොස් සිටියදි හමුවි ඇති බව අම්පාර පොලිස් ස්ථානයේ උසස් පොලිස් නිළධාරියෙක් පැවසිය.
මෙම වෛද්‍යවරයා නියමිත පරිදි ඔහු සේවය කරන වාට්ටවුට නොපැනිම නිසා වාට්ටුවේ සිටි අය ඔහුගේ දුරකථනයට ඇමතුම් කිහිපයක් රුගෙන තිබේ.
එයට ප්‍රතිචාර නොමැති නිසා හෙද නිළධාරිනියක් විසින් රෝහල් සේවකයෙකු ඔහු නැවති සිටි පොද්ගලික නිවසට යවා තිබේ. ඔහු එම නිවසට ගොස් කතාකලත් වෛද්‍යවරයාගෙන් ප්‍රතිචාරයක් නොමැති නිසා නැවත රෝහලට පැමින පොලිසියට දන්වා නිවසේ අයිතිකරුටද දන්වා නැවත නිවසට ගොස් ජනේලය හැර පරීක්ෂා කරන විට වෛද්‍යවරයා ඇද මත නිදාගෙන සිටිනු දැක ගැනිමට හැකිව තිබේ.
මෙම පිරිස වෛද්‍යවරයාට කතා කලත් ඔහුගෙන් ප්‍රතිචාරයක් නොමැති නිසා පසුව ඉදිරිපස දොර හැර අම්පාර මහා රෝහලේ ගිලන් රථයකින් රෝහල වෙත ගෙන ගොස් තිබේ.
රෝහල වෙත ගෙන යන විටත් ඔහු මියගොස් සිටි බවට අම්පාර මහා රෝහලේ ප්‍රකාශකයෙක් පැවසිය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අම්පාර රෝහලේ වෛද්‍යවරයකු අභිරහස් ලෙස මියගිහින්