
(වසන්ත චන්ද්‍රපාල සහ රවි මැදගෙදර )
බඩ ඉරිගුවගාවට යළි සේනා දළඹුවන් පැමිණ හානි කිරීම නිසා අම්පාර දිස්ත්‍රික්කයේ බඩ ඉරිගු ගොවීහු දැඩි අසීරුතාවට පත්ව සිටිති.
දමන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ තිඹිරිගොල්ල ගම්මනයේ සහ උහන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ බංඩාරදුව ගම්මානවල හේන් වගාවන් සේනා දළඹුවා ගේ දැඩි හානි සිදුවි තිබේ.
සේනා දළඹුවා ගෙන් තම වගාව ආරක්ෂා කර ගැනිම සදහා ගොවින් යම් යම් උපක්‍රම භාවිතා කළද ප්‍රථිපලයක් නොලැබුන බව ගොවිහූ සදහන් කරති.
අම්පාර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 12500 ක පමණ බඩ ඉරිගු වගා කර ඇති බවත් මෙම තත්වය පාලනය නොවුනහොත් ඉදිරියේදී අස්වැන්න විනාශවී යනු ඇතැයි ඔවුහ් කියති.
.කෘෂිකර්ම දෙපාර්මේන්තුවේ අම්පාර සහකාර අධ්‍යක්ෂක කේ.ඒ.කේ.එස් ලක්මාල් මහතා
බඩ ඉරිගු වගා කිරිමට කලින් ගොවින් සදහා මුලික දැනුවත් කිරිම් රැස්විම් වලදි සේනා දළඹු උවදුර ගැන අපි දැනුවත් කරලා තියෙනවා. ඒවා ට මුලිකව කළයුතු පිළියම් ගැන දැනුවත් කරල තියෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd