IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අමානා බැංකුව සිංගර් සමූහය එකතුවෙන් සූරිය බලශක්ති පද්ධතිවලට මූල්‍ය පහසුකම්

අමානා බැංකුව සහ සිංගර් සමාගම එක් වී, සූර්ය බලශක්ති පද්ධති සඳහා සහනදායී මූල්‍ය පහසුකම් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මෙය වඩාත් තිරසාර හා පරිසර හිතකාමී අනාගතයක් උදෙසා තබන ලද වැදගත් ඉදිරි පියවරකි. මේ යටතේ සිංගර් සමාගමේ විශ්වාසනීයත්වය සහ උසස් ප්‍රමිතිය සහිත සූර්ය බලශක්ති පද්ධති, අමානා බැංකුවේ මානුෂ හිතවාදී මූල්‍ය පහසුකම් සමගින් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබෙනු ඇත.

සිංගර් (ශ්‍රී ලංකා) සමූහ ප්‍රධාන විධායක නිලධාරී / කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන  සහ අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල් පසුගියදා මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ. එම අවස්ථාවට අමානා බැංකුව වෙනුවෙන් එහි උපසභාපති (පාරිභෝගික බැංකුකරණ සහ අලෙවිකරණ) සිද්දීක් අක්බාර් සහ පාරිභෝගික මූල්‍ය ප්‍රධානී රියාස් නූර් යන මහත්වරුන්ද, සිංගර් පී එල් සී වෙනුවෙන් එහි විකුණුම් අධ්‍යක්ෂ වජිර තෙන්නකෝන්, තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ කපිල පෙරේරා, ව්‍යාපාර සංවර්ධන කළමනාකරු වරුණ වික්‍රමසිංහ, අලෙවි කළමනාකරු පියුම් ජයතිලක සහ සහකාර මෙහෙයුම් කළමනාකරු මනෝජ් රූපසිංහ යන මහත්වරුද සහභාගී වූහ.

මේ සම්බන්ධයෙන් අමානා බැංකුවේ උපසභාපති (පාරිභෝගික බැංකුකරණ සහ අලෙවිකරණ ‘‘සිද්දීක් අක්බාර් මහතා මෙසේ  තම අදහස් දැක්වී ය.  ‘සිංගර් යනු ශ්‍රී ලංකාවේ සැම දෙනාගේම  විශ්වාසය දිනූ සන්නාමයක් බැවින්  සමග ඇති කරගත් මෙම හවුල්කාරීත්වය පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. මෙම හවුල්කාරීත්වය ඔස්සේ, අපගේ මෙහෙවර වන ‘සංවර්ධනයට අත්වැලක්, ඉසුරුමත් ජීවිතයක්’ යන්නට සමගාමීව, සැම දෙනාටම තිරසාර බලශක්ති විසඳුම් භාවිතා කිරීමට අවස්ථාව සලසා දීමට අපට හැකියාව ලැබේවි. මේ ඔස්සේ අපගේ ගනුදෙනුකරුවන්ට තම බලශක්ති පරිභෝජනය සඳහා වැය වන වියදම් අවම කරගනිමින්, වඩාත් තිරසාර ලෝකයක් බිහිකිරීම සඳහා දායක වීමට අවස්ථාව ලබාදීමට හැකිවීම අපට මහත් සතුටක්’’.

595



අදහස් (0)

අමානා බැංකුව සිංගර් සමූහය එකතුවෙන් සූරිය බලශක්ති පද්ධතිවලට මූල්‍ය පහසුකම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site