IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අමාත්‍යාංශ ලේකම් සංශෝධනයක ලකුණු

(අංජුල මහික වීරරත්න)

අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරුන්ගේ සංශෝධනයක්  කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

මෙම සංශෝධනය යටතේ ඇතැම් අමාත්‍යාංශ ලේකම්වරුන් මාරු කිරීමටද මහජන සුබසාධන  ප්‍රතිපත්ති නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇති අමාත්‍යංශ ලේකම්වරුන් කිහිප දෙනෙකු ඉවත් කිරීමටද නියමිත බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

බංකොලොත් රට ක්‍රම ක්‍රමයෙන් ගොඩ නැගීමට රජය ගෙන යන ආර්ථික සහ සමාජ සුභසාධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා සහයක් නොදී මන්දගාමී පිළිවෙතක් අනුගමනය කරන අමාත්‍යංශ ලේකම්වරුන් පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි ලැබී ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

ජනතාවට නිසි සේවයක් නොලැබෙන බවට මහජන පැමිණිලි ලැබී ඇති අමාත්‍යංශ  ලේකම්වරුන් සම්බන්ධයෙන් මේ වනවිට සමාලෝචනයක් කර ඇතැයිද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.



අදහස් (7)

අමාත්‍යාංශ ලේකම් සංශෝධනයක ලකුණු

chandima Wednesday, 25 October 2023 02:51 AM

එතකොට ජනතාවට නිසි සේවයක් නොලැබෙන බවට මුලු රටම පැමිණිලි කරන ඇමැතිලා, මන්ත්‍රීලා, හොර ජනාධිපතිලා ගැන මුකුත් පියවරක් ගන්නේ නැතිද?

:       1       2

සුරංග Wednesday, 25 October 2023 04:14 AM

ජනාධිපතිතුමා කොහොම හරි විශ්‍රාමිකයින්ට අසාධාරණ ආකාරයට කටයුතු කරන එම දෙපාර්තමේන්තුවේ ලොක්කත් ඉවත්කරනවා නම් ලොකුම පිනක් කරගත්තා වෙනවා එහිම දෙවැනි පෙළත් එවැනිම කෙනෙක් ඉන්නවා..

:       0       1

ravin Wednesday, 25 October 2023 04:57 AM

මෙහිදී විශේෂයෙන් සැලකිල්ලට ගතයුතු කාරණාව වෙන්නේ සමහරුන් දේශපාලකයන්ගේ පස්සෙන් ගිහින් පත්වීම් ලබාගත්තු උදවිය. සමහරු හට දේශපාලුවන්ගේ දැඩි බලපෑම් මධ්‍යයේ හරිහැටි රාජකාරි කරගෙන යාමට ඇති බාධා හා සමහරුන් දේශපාලකයන්ගෙන් හොඳහැටි බැටකා ඇති උදවිය යන මූලික කරුණු කාරණා වේ..

:       0       1

චන්දන Wednesday, 25 October 2023 08:37 AM

රට බංකොලොත් කළේ අමාත්‍යාංශ ලේකම්වරුන්ට වඩා කාලකණ්ණි දේශපාලකයෝ. ඔවුන් ටිකයි, අයින් කරන්න ඕනෑ... ඒකට අවස්ථාව දෙන්න.

:       1       0

සුපුන් Wednesday, 25 October 2023 08:44 AM

සහයක් නොදී මන්දගාමී පිළිවෙතක් අනුගමනය කරන අමාත්‍යංශ ලේකම්වරුන්.... මේ වට කොහෙන් හිනාවෙන්නද? මේ මිනිස්සු හොඳට ඉගෙනගෙන කැම්පස් ගිහින් උපාධි අරන් සාමාන්‍ය පෙළවත් පාස්වෙලා නැති මී හරක් ටිකකට සර් කියන්න වුණාම එහෙම වෙනවා. අට පාස් එකාගේ මොලේ වැඩ කරන්නේ හොරා කන්න විතරයි. ඒවා මාට්ටු වුණාම මෙයාලා ගස්...!

:       0       1

රණසිංහ Thursday, 26 October 2023 07:02 AM

දැන් කාලයේ අමාත්‍යාංශ ලේකම්ලා පමණක් නොවෙයි දෙපාර්තමේන්තු ප්‍රධානීන් පවා කටයුතු කරන්නෙ දේශපාලුවො විමසීමෙන් පස්සෙ තමයි ඉස්සර එහෙම නොවෙයි දෙපාර්තමේන්තු ප්‍රධානීන් පවා කටයුතු කලේ පවතින නීති රෙගුලාසි අනුව පමණයි වර්තමානයේ පවතින තත්වයක් තමයි ආයතනයක් වෙතට ලිපියක් ලැබුනාම ගොනුවට ඇතුළත් කරල ලොක්කට කෙලින්ම යවනවා අවශ්‍ය උපදෙස් දෙන්න කියලා ඉතින් කාලය සම්පූර්ණයෙන්ම ඉවරයි අතීතයේ වුනේ ලිපියක් ලැබුනාම පිළිතුරු ලිපියක් සකසා ආවරණ අනුමැතියට යටත්ව අත්සනට කියලා යවනවා දැන් කාලයේ ලොකු ප්‍රශ්නයක් ආවොත් කරන්නෙ දේශපාලුවො විමසීම තමයි මම මේක කියන්නෙ අත්දැකීමක් අනුව තමයි මම මුලින්ම සේවයේ යෙදුනු ආයතනයේ රිරියදුරන්ගේ අතිකාල සම්බන්ධ විගණන විමසීමක් ලැබුනා එහෙම වෙලාවට සමහරක් නිළධාරින්ට සුලුදිය පහවෙන තත්වයක් තියෙනවා ඉතින් මගේ කාර්‍යාලයේ නිළධාරියෙක් මගෙන් උපදෙස් අරගෙන ලිපියක් යවා බේරුනා මම පසුව වෙනත් තැනක සේවයට ගියාට පස්සෙ එම දෙපාර්තමේන්තුව භාර අමාත්‍යාංශයේ මුදල් සහකාර මම මුලින් හිටපු ආයතනයේ දුරකථන අංකය ඉල්ලුවේ මම මුලින් කියූ ප්‍රශ්නය ඔහුටත් ඇතිවෙලා තමයි නමුත් එයට සම්පූර්ණ පිළිතුරක් ආයතන සංග්‍රහයේ තියෙනවා

:       0       0

හරීන් Wednesday, 25 October 2023 06:03 PM

එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් විසින් තම විදේශ විනිමය ඉපැයීම් මෙරටට ප්‍රේෂණය කිරීම මගින් ජාතික ආර්ථිකයට ලබාදෙන දායකත්වය ඇගයීම අරමුණු කරගෙන හඳුන්වාදුන් විද්‍යුත් වාහන ගෙන්වීමේ වැඩසටහන කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ දේශපාලන බලවතුන්ගේ ඉල්ලමක් බවට පත්ව තියෙනවා. ව්‍යාජ ලිපිලේඛන කරගෙනයි වාහන බලපත්‍ර නිකුත් කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අමාත්‍ය පෞද්ගලික කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුද සම්බන්ධව සිට තියෙනවාලු මෙම විෂය භාරව කටයුතු කළ අතිරේක ලේකම්වරු දෙදෙනෙක්ම මෙම ඉදිරිපත්වන ලිපි ලේඛනවලට තමන්ට අත්සන් කළ නොහැකි බව පවසා එම විෂයෙන් ඉවත් වුණා. දැන් එම විෂය අමාත්‍යවරයාට ඉතාම හිතවත් අමාත්‍යාංශ ලේකම්වරයා යටතේමයි ක්‍රියාත්මක කරන්නේ. සිද්ධියට අදාල තොරතුරු එලියට යාම හේතුවෙන් මේ වනවිට අමාත්‍ය කාර්යාලයට සහ ලේකම්වරයාගේ කාර්යාලයට යන එන අය ගැන දැඩි විමසිල්ලෙන් පසුවෙනවාලු. ජනාධිපතිතුමනි, මේ පිස්සු ලේකම් සහ නීලකාස හොර ඇමතියා වහාම ඉවත් කරන්න. කියන්නේ බොරු ද කියලා හොයලා බලන්න...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site