(කටුනායක ටී.කේ.ජී.කපිල )
සෞඛ්‍ය , පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දෙවන වරටත් උප සභාපති ධුරය පිරිනමා තිබේ .
ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර සාමාජික රටවල් 194 ක, විධායක සභිකයින් 35 දෙනෙකු විසින් අමාත්‍යවරයා මෙම තනතුරට තෝරා පත්කර ගෙන තිබේ.
මෙම තනතුරට පත්වීමෙන් පසු අමාත්‍යවරයා දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් අද (01) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .
කළුතර දිසාවේ ප්‍රධාන සංඝනායක බෝපිටියේ ධම්මිස්සර හිමියන් ඇතුළු සංඝයා වහන්සේලා කීපනමක් සෙත් පිරිත් සජ්ජායනය කරමින් ආශීර්වාද කළ අතර, එතුමාගේ තවත් හිතවත් පිරිසක්ද කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ පැවති පිළිගැනීමේ උත්සවයට සහභාගී වී සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකෙටම රජ වුනත් වැඩක් නැහැ... තමන්ගේ රටට " මරගාතයක්.. නම් "
ලෝකෙට පරකාසේ... ගෙදරට මරගාතේ..
අනේ අපිනේ දන්නේ ඔය ගැත්තා ගැන...
ලංකාවේ සෞඛ්‍ය තත්වය හොඳද? 'ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ' කොහොමද එහෙම හම්බ වෙන්නේ? ෆීල්ඩ් මාෂල් කියනවා හැමදේම දන්නවා දත් ගලවන්න විතරක් දන්නේ නැහැලු. අපිටම කියාපු රට ලංකාව...
ඔන්න පැරණි සිංහල කියමනක් යථාර්ථයත් වුණා. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ...
මට මතකයි අර නිමල් සිරිපාලටත් ඒ කාලේ මොකක්ද හම්බ වුණා. බටහිර රටවල් ඒ අය හදන බෙහෙත් ඇත්තද බලන්නේ අපේ වගේ බුද්ධියෙන් අඩු පාලකයෝ හරහා අපේ ළමයි භාවිතා කරගෙන.
මෙයාලට පිස්සුද මේ වගේ කෙනෙක්ට පට්ටම් දෙන්න...?
එන්ජීඕ කාරයින්ගේ පස්සේ ගිහින් රට අස්ථාවර කිරීමේ වගකීම දරන මේ වගේ දේශපාලුවන්ව පිළිගන්න ලෝකෙම මග බලාගෙන ඉන්නේ...
රවීට ආසියාවේ හොඳම මුදල් ඇමතිකම ලැබුණා වගේ තමයි... අපිට වැඩකුත් නෑ... ලෝකෙට වැඩකුත් නෑ....
අනේ රජයේ සල්ලි වලින් පෞද්ගලික රෝහල් වලට දුන්න හොරු.....
දැන් තේරෙනවා ජාත්‍යන්තර සංවිධාන වල න්‍යාය පත්‍ර වල තරම, දැන් දැන් වෙස්මූණු හැලෙනවා නියමයි..
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉන්න අය ගැනත් හිතා ගනිල්ලා...
ලෝක අන්ධ සෞඛ්‍ය සංගමයෙන් තානාන්තර අරගෙන මෙහෙ එනවිට මෙහෙන් විශ්වාස භංගයක්... අනේ අර අන්ධයෝ ටික මුන්නැහේගේ වැඩගැන දන්නේ නැතුව ඇති...
එහෙ යද්දිත් දොඹ තෙල් කුප්පිය අරන් ගිහින් වගේ?
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඔබාමටත් නොබෙල් ත්‍යාගය හිමි වුණා. නමුත් එම ත්‍යාගය කිසිම කෙනෙකු සතපහකට ගණන්ගත්තේ නැහැ.
රාජිත මාරයි... මාරම මාරයි.
හිටපු ඇමෙරිකානු ජනාධිපති ඔබාමාට නොබෙල් ත්‍යාගයක් පිරි නැමුණා. නමුත් කිසිම කෙනෙක් සත පහකට ගණන්ගත්තේ නැහැ. රවී කරුණානායකට හොඳම මුදල් ඇමති හැටියට ප්‍රධානයක් ලැබුණා. නමුත් ඔහුට කර ඇති වංචනික හොර වැඩ නිසා කිසිම කෙනෙක් සත පහකට වත් එම ප්‍රධානය ගණන්ගත්තෙ නැහැ. වංචනික ලෙස ඇමතිකම් කරපු රටේ ධනය හූරා කාපු, රට පවා දුන් දේශපාලුවන්ට පිරිනමන කිසිදු නිල තල වලින් රටේ ජනතාව රැවටිය නොහැකි බව සියලු දෙන තේරුම් ගත යුතයි.
මෙයාගේ ඇමති කෙරුවාව මෙච්චර හොඳ නම් ඇයි එයා ලෙඩ වුනාම සිංගප්පුරු යන්නේ?
වෙන කෙන්නෙක් ඇත්තෙම නැද්ද ?
ජාත්‍යන්තරේ තමන්ගේ ගෝලයින්ට සලකන්නේ මෙහෙමද?
ජාත්‍යන්තර තමන්ගේ ගෝලයින්ට සලකන්නේ මෙහෙමද...!
නූනා මහත්තයාට තාම සීතලයි වගේ...
මේවා දැක්කම හිනායනවා... රට පාවාදෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති නෙමෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති යටතේ ඇති ලෝක සෞඛ්‍ය ඇසෙම්බ්ලිය යටතේ ඇති විධායක කමිටුවට නම් කළ උප සභාපතිවරු හතර දෙනාගෙන් කෙනෙකි.
කවුරු මොනවා කිව්වත් මම කැමතියි රාජිතට. ලංකාවේ ඉන්න දක්ෂතම පොලිටිෂන් කෙනෙක්.. මිනිස්සුන්ට උදව් කරනවා. ස්කෑන් මැෂින් කීයක් දැම්මද රාජිත හොස්පිටල් වලට.
ඒ කියන්නේ චතුර සභාපතිද?
සබාපති කෙනෙකු තෝරාගෙන හැම රටකටම උප සබාපතිකමක් දෙනවාලු කියලා කවුදෝ කියනවා ඇසුණා.
ලංකාවේ සෞඛ්‍ය තත්ත්වය හොඳ නැත්තේ ඇමති නිසා නෙමේ. ඔය කියන වෛද්‍ය වරු නිසා පහසුකම් වැඩි ඔය වෛද්‍යවරුන්ට .බැලුවොත් පුද්ගලික රෝහල් වල හම්බ කරනවා .ගන්න පුළුවන් දෙන්න පුළුවන් බෙහෙත් පවා පිටින් ගන්න කියනවා කොමිස් වලට
මෙයාට උප සභාපතිකම දුන්නා නම් අනිත් අය ගැන හිතාගන්න පුළුවන්... සිංගප්පූරුවට මුකුත් නැද්ද? මොකද මේ මිනිහ ඔලුවේ කැක්කුමක් හැදුණත් යන්නේ සිංගප්පූරුවටනේ? ඔය තනතුර මොහුට දීපු අය ඒ වගක් දන්නේ නැද්ද?
සුද්දන් කැමති වුණාට තමන් ඉපදිච්ච රටේ මිනිස්සු කැමති නැත්නම් මොන සම්මාන ගත්තත් වැඩක් නැහැ. මෙතන කොමෙන්ට් වලින්ම ඔබට කැමැත්ත අකමැත්ත බලාගන්න...
ලංකාවේ සිංහල අම්මලාට මෙහෙම කරලා, ලංකාව මුස්ලිම් රාජ්‍යයක් කරන්න හදපු නිසා වෙන්න ඇති සමහරවිට...
ලෝක සෞඛ්‍ය සංවිධානයේ රාජකාරී කරන අයගෙත් ඔලු නරක් වෙලා. මොලේ කචල්.
මෑත ඉතිාසයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් සෞඛ්‍ය ඇමැතිවරයෙක් ප්රශස්ත කාර්යයක් රාජිත විසින් කර තිබේ. කවුරු මොනවා කීවත් බෙහෙත් අඩු කීරීමම ඇති. (මාගේ මැණියන් වෙනුවෙන් මාසකට 12000ක් පමණ බෙහේත් වෙනුවෙන් වියදම් වුවත් අඩු කිරීමෙන් පසු රු 5000කි) වෛද්‍ය සංගමයේ අත කොලුවක් නොවී කළ මෙහෙය අගය කරමි.
මේ අය, රටේ විතරක් නෙමෙයි, ලොකයේම සෞඛ්‍යය නැති කරන්න යන්නේ. අනේ ඉතින් ලෝක සෞඛ්‍යය සංවිධානයටත් අබසරණයි.
ලෝකේ හොඳම මුදල් ඇමති කෙනෙකුත් අපිට හිටියා...
ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිකම නොවෙයි. අනුකමිටුවේ කෙනෙක්. ඒකත් පුද්ගලයගේ දක්ෂකමට ඒ පුද්ගලයන්ට ලැබෙන එකක් නෙවෙයි. රටට ලැබෙන එකක්..
මල්මාලේ දාන්නේ ඖෂධ ගෙන්වන හාදයෙක් වෙන්න ඇති...
බුදු අම්මෝ ලෝකෙම ඉවරයි. දතා ලෝකෙටම කෙලලා තමයි නවතින්නේ... එහෙත් මෙහෙ වගේ කට්ටිය නොමග ඇරලා වගේ...
මොන බම්බුව කළාටද?
ලංකාවේ සෞඛ්‍ය තත්වේ හොඳ නං මේ ගොයියා මොකක්දෝ අමාරුවකට සිංගපූරු යයිද? අහිංසක බදු ගෙවන්නන්ගේ සල්ලි ගිල්ල පොර නේද මේ... අනේ වෙන එකෙක් හිටියෙම නැද්ද? මේ ගොයියා මොකක් හරි බේගල් සංකයා ලේඛන පෙන්නලා ලංකාව ලෝකෙම හොඳ නිරෝගී මිනිස්සු ඉන්න රට කියලා ජිල් මාර්ට් පාරක් දලා ඔවුන්ව හොඳටම අන්දලා තමයි මේක ගන්න ඇත්තේ. ලංකාවේ මිනිස්සු තමයි දන්නේ මේක පට්ට බේගල් බොරු පොරොන්දු දෙන පිනට ඇමති වුණු කෙනෙක් කියලා.
ලංකාවට කෙළවෙනකොට ලෝකෙන් ඔක්කොම එයාට හම්බ වෙනවා.
රාජිත ඇමතිතුමාට මේවා හම්බවෙන්නේ වෙන මොනවත් නිසා නෙමෙයි, අපේ රටේ සෞඛ්‍ය සේවය වෙනුවෙන් කැපවෙන සෞඛ්‍ය ක්ෂේත්රයේ සියලු නිලධාරීන්ගේ කැපවීම මත, ලංකාවේ නිදහස් සෞඛ්‍ය ක්ෂේත්රය අත්කරගෙන ඇති ඉතා ඉහළ මට්ටම නිසා. නමුත් මෙතුමා කරන්නේ මොකක්ද? ඒකයි වෛද්‍යවරු පුනපුනා කියන්නේ මේ උසස් සෞඛ්‍ය සේවය පවත්වාගන්න. සයිටම් වගේ මුදල් මත වැඩකරන ආයතන අවශ්‍ය නැතිබව...