(අංජුල මහික වීරරත්න)

විෂ වර්ග, අබිං හා අන්තරාදායක ඖෂධ වර්ග(නඩු භාණ්ඩ බැහැර කිරීම) පිළිබඳ නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

විෂ වර්ග,අබිං සහ අන්තරාය දායක ඖෂධ වර්ග ආඥා පනතේ 77 ආ වගන්තියේ( 6) උප වගන්තිය  යටතේ ඖෂධයක්, ද්‍රව්‍යයක් භාණ්ඩයක් හෝ සැකසුමක්  ඇතුළුව නඩු භාණ්ඩ බැහැර කිරීමේ ක්‍රමවේදය අධිකරණ සේවා කොමිෂන් සභාවේ එකඟතාවය ඇතිව නියෝග මගින් නියම කිරීමට අධිකරණ විෂය බාර අමාත්‍යවරයාට බලතල පැවරී ඇතැයි රජය පවසයි.

නීතියේ පරාමිතීන්ට අනුකූලව ඖෂධ ද්‍රව්‍ය, භාණ්ඩ හෝ සැකසුම නඩු භාණ්ඩ බැහැර කිරීමේ යාන්ත්‍රණය අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර ඇතැයි ද රජය කියයි.

අදාල නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.