(අංජුල මහික වීරරත්න)

ලංකාවේ අධ්‍යාපනයෙන් ඉදිරියට එන්නේ මමත්වයකින් පුරවපු මනුෂ්‍යයෙක් බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නව පත්වීම් ලබා දීමේ අවස්ථාවට සහභාගී වෙමින් ලාල් කාන්ත මහතා මේ බව කීය.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී මෙම පත්වීම් ප්‍රදානය සිදු කෙරිණි.

" අපේ රටේ අය රස්සාවක් හොයන්නේ පුද්ගලික ජීවිතය ගැන හිතලා. අපේ පාසල් අධ්‍යාපනයේදී සමාජයීය ජීවිතය ගැන අවධානය යොමු කරනවා අඩුයි. ඒ නිසා අවසානයේ අපේ අධ්‍යාපනයෙන් ඉදිරියට එන්නේ පුද්ගලිකත්වය පිළිබඳ මමත්වයකින් පුරවපු මනුෂ්‍යයෙක්. ඊට පස්සේ මුකුත් අදාළ නැහැ. පාරේ යනකොට විනය අදාළත් නැහැ. කහ ඉරෙන් පනින්න විනයක් නැහැ. වාහනේ එලවද්දී විනයක් නැහැ. කිසියම් කටයුත්තකදී පොදු යහපත පැත්තෙන් සමාජය පැත්තෙන් හිතන ප්‍රමාණය භාවිතය අඩුයි යනුවෙන්ද ලාල්කාන්ත මහතා කීය.