
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන" කඩුගොඩ ඉන්දික" නමැත්තා ගිනි අවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථාන විශේෂ මෙහෙයුම් ඒකකය කියයි
එම සැකකරු සමග විදෙස් රටක නිෂ්පාදිත බොර 12 ෂොට් ගන් වර්ගයේ වර්ගයේ ගිනි අවියක් ,ජීව උණ්ඩ 6 ක් , හොරයෙන් මත්කුඩු මිලිගෑම් 13600 ක් නීති විරෝධී මත්පැන් ලීටර් 10 ක් ගෝඩා ලීටර් 1174 ක් දැවි ගෝඩා ලීටර් 1016 ක් ගෑස් සිලින්ඩර් 1 , දඟර 2 ක් හා ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන මුදල් රුපියල් 20,000 ක් පොලිස් භාරයට ගෙන ඇත
.ඉකුත් 30 වෙනිදින හංවැල්ල නෙළුවන් තුඩුව ප්‍රදේශයේ බස් රථ හිමි ව්‍යාපාරිකයකු වන වජිර නිශාන්ත නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථාන කඳවුරේ විශේෂ ඒකකයට ලද තොරතුරකට පොලිස් කණ්ඩායමක් හංවැල්ල වග වැලි කන්න ප්‍රදේශයේ සැකකරු පදිංචි නිවස වටලා අත්අඩංගුවට ගෙන සිදුකළ සෝදිසි මෙහෙයුමේදී නිවසේ සඟවා තිබූ ගිනි අවිය සහ මත්ද්‍රව සොයාගැනීමට හැකි වී ඇත
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
705
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු