(අංජුල මහික වීරරත්න)
සාපරාධී කාරණා වලදී අන්‍යෝන්‍ය නෛතික සහයෝගීතාව සම්බන්ධයෙන් කොරියා ජනරජය සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
එමගින් රාජ්‍යයන් දෙකෙහිම අපරාධ වැළැක්වීම, විමර්ශනය කිරීම ,පැමිණිලි ගොනු කිරීම සහ අපරාධ මැඩ පැවැත්වීමේ සපලතාවය වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරනු ලබන බව රජය පවසයි.
එම ගිවිසුම දෙපාර්ශවයන් අතර අත්සන් කිරීමටත් ඉන්න අනතුරුව දෙරටේ රාජතාන්ත්‍රික දූත මණ්ඩල මගින් අනුමත කිරීමටත් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව ඇමති මණ්ඩලය විසින් අනුමත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ ලංකාවට ගිය කල. මීට කලකට ඉහත අපේ පරීක්ෂණ ලෝකේ ඉහලම මට්ටමේ තිබුන රටක්. එතකොට Scotland උපදෙස්වලට මොකද වෙන්නේ. ප්‍රතිපත්තියක් නැති දෙසපාලකයෝ.