
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
අපරාධයකින් උත්පාදිත දේපොළ පවරා ගැනීමේ පනත් කෙටුම්පතට පක්ෂව කවුරු ඡන්දෙ දුන්නේ නැතත් තමා ඡන්දය ලබා දෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද (8)පැවසීය.
තමා හිරේ ඉඳන් අද පාර්ලිමේන්තුවට ආවේ එම ඡන්දය ලබාදීමට බව ද දසනායක මහතා සඳහන් කළේය.
රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉඳන් මම අද පාර්ලිමේන්තුවට ආවේ.
මේක අනුන්ගේ කලිසම උගේ වගේ ඇඳගෙන යනවා වගේ පනතක්.පනත් කෙටුම්පත් සකස් කළේ කවුද?කවදාද? නීති පතිට යැව්වේ කවුද?කවදාද?කැබිනට ඇනුමැතිය ගත්තේ කවුද?කවදාද? ඒ වගේම පනත දාන්න හදිසි උනේ ඇයි?
අයි.එම්.එෆ් එක උනන්දු කළේ නැතිනම් මේ පනත එන්නේ නෑ. ගිය ආණ්ඩුවත් මේක දාන්න ගියේ අයි.එම්.එෆ් උවමනාවට.අල්ලස් දූෂණ පනතට මම ඡන්දෙ දුන්නා. පළවෙනියට මට විරුද්ධව ඒකෙන් නඩු දාලා තියෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් මෝඩවැඩ, මෝඩකතා, මෝඩ කම ප්‍රදර්ශනය කිරීම නවත්තන්න
ඒක හොරුන්ගෙ ගතිය. වැලිකඩ වෙඩික්කරුත් එලියට දුවල තියෙන්නේ ඇතුලේ වෙඩිතියනවා කියල කෑගහගෙනනේ.
සජිත්ගෙ බිරිඳ වෙනකාගෙවත් දේපළ බලෙන් අල්ලගෙන සැලූනයක් කරනවා, වෙනකාගෙද කලිසම තමාගෙ වගේ ඇඳන් ඉන්නවා වාගේ, ඔබ හරි චාමර!
තමුන් චන්දය දුන්නත් නැතත් වැඩි බහුතරයකින් පණත සම්මත වෙනවා, ඒ නිසා නාවත් කමක් නැහැ.
වරදක් කර නොමැතිනම්, බියවිය යුතු නැත!
හොරු කොහොමත් වේලාසනින්ම, එක අතක් නෙමෙයි, අත් දෙකම උස්සනවා.
රටේ සම්පත් හොරාකාපු. හොර නිවටයින්ගේ මැති ඇමතිකම් සේරම අහෝසි කරන්න. නැවත චන්දෙ නොඉල්ලන්න. හිරගෙදර ඉන්න කාලේ. මේවාට සහභාගී නොවෙන්න තමන් නිර්දෝශී කියලා ඔප්පු වෙනකම්. මුන්ව හිර කරන්න
විරෙශ්ගේ කතාව හරි සැලුනා එක අයත් ගොඩනැගිල්ලේ ඇත්ත අයිතිකාරුට තාමත් චන්ඩිපාට් දානවා මොනවා වුනත් ඒ මනුස්සයා අහිංසක මනුස්සයෙක්. තමන්ගේ වාහනය පාක් කරන්නත් දෙන්නේ නෑ. වාසනාවකට ජනපති වුනේ නැත්තේ නැත්තං ඔය මනුස්සයාවත් අතුරුදන් කරලා මේ අය.