
(බී.ජී.චතුරංග ,තලාව උපුල් හේරත්සහ දයාරත්න ඇඹෝගම)
ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු නොමැති බව කියමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ පිහිටි ළමා රෝග වාට්ටුව (63) හදිසියේ වසා දැමීම හේතුවෙන් දහසකට ආසන්න වෛද්‍ය පීඨ සිසු සිසුවියන් හට සායනික පුහුණුව ලබා ගැනීමට නොහැකි වන බවත්, එම නිසා වසා දැමුණු එම වාට්ටුව වහා විවෘත කරන ලෙසට රජයට බල කරමින් අද (3) අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිටදී වෛද්‍ය පීඨ සිසුහු උද්ඝෝෂණයක නිරත වූහ.
අවසන් වසරේ සිසුන් 180 දෙනෙකු අවසන් පුහුණුව ලබමින් සිටින අතරවාරයේදී මෙම වාට්ටුව වසා දැමුණු බවත්, මෙම ළමා රෝග වාට්ටුව වැසී ගිය හොත් ඉදිරියේදී අනෙකුත් සිසුන්ටද පුහුණුව ලබා ගැනීමට නොහැකිව ඉදිරියේදී විශාල ගැටළුවක් ඇති විය හැකි බව උද්ඝෝෂණයේ නිරත වෛද්‍ය සිසුහු මෙහිදී පැවැසූහ.
මෙහිදී අදහස් දැක්වූ රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍ය සංගමයේ ලේකම් කලන ධර්මරත්න, මෙසේ පැවසීය.
"රජරට වෛද්‍ය පීඨයට අනුක්ත කර තිබෙන අනුරාධපුර ශික්ෂණ රෝහලේ පිහිටි මහාචාර්ය ඒකකයේ ළමා රෝග වාට්ටුව සම්පූර්ණයෙන් වසා දැමීම නිසා තමයි අපි අද මේ පාරට බැහැල තියෙන්නෙ, මේක කාලයක ඉඳලා පැන නැගුනු ගැටළුවක්, මේ මහාචාර්ය ඒකකය පිහිටුවලා තියෙන්නේ විශේෂයෙන් වෛද්‍ය පීඨයේ අවසන් වසර සිසුන්ගේ සායනික පුහුණුව සඳහායි, මේක අපේ ශිෂ්‍යයන්ට පමණක් ඇති වූ ගැටලුවක් නොවෙයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිටින සියළුම ජනතාවට වෙච්ච බරපතල ප්‍රශ්නයක් , අපි බලධාරීන්ට තරයේ කියා සිටිනවා මෙයට වහාම විසඳුම් ලබා දෙන්න කියලා, එසේ නොවනහොත් ඉදිරියේදී දැඩි උද්ඝෝෂණය ක්‍රියා මාර්ගයකට එලබෙනවා."
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකය ඉදිරි පිටින් දිවෙන, වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී මෙම උද්ඝෝෂණය පැවති අතර, ඒ සඳහා වෛද්‍ය පීඨ සිසු සිසුවියන් 700ට වැඩි පිරිසක් සහභාගි වී සිටියහ.

COMMENTS
රටේ සල්ලිවලින් ඉගෙන ගෙන ඕකෙ වැඩකරපු නුඹලාගේ සීනියර්ස්ලා රට දාලා ගිය නිසානේ ඕක වහන්න වුණේ... හැම දේකටම ආණ්ඩුව කන්න හදන්න එපා බොලව්... නුඹලාත් කරන්නේ ඔය ටිකමයි.
ඔබලාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක මාෆියාවෙන් විමසල බලන්න . වෛද්‍යවරුන්ට VOG/ ළමා රෝග විශේෂඥ විභාගය කිරීමට ඉඩ නොදෙන්නේ ඔවුන්. නිසා මේ රටේ විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව සීමිතයි. මේ අවුලට ඔබේ බඩගෝස්තරවාදී ජ්‍යෙෂ්ඨයන් වගකිව යුතුයි. රජය නොවේ.
නුඹලාත් පිනට ඉගෙන ගෙන... මෙහෙ වැඩ කරලා අත්දැකීම් අරගෙන. අන්තිමට කරන්නෙත් ඔය ටිකම තමයි.
හොඳ වැඩේ. පිංගුත්තර කැම්පස් වල ඉන්න JVP කාරයෝ කියන විදියට ද ඉන්න ඕනේ එතකොට!
ඇයි මේ හැමෝම පිනට ඉගනගන්නවා කියන්නේ... එතකොට මේ ලමයින්ගේ අම්මල තාත්තලා බදු ගෙවල නැද්ද. දන්නෙ නැති නිසා අහන්නේ..
තමන්ගෙ වාසියටටම එලියට එන හොර ගෙඩියො ටිකක් . රටේ අනෙක් සියලුම උපාදි පෞද්ගලික වි.වි වලින් දෙනකොට කටවල් වහගෙන ඉඳලා වෙද උපාදිය දෙනකොට විතරක් නිදහස් අධ්‍යාපමය නැති වෙනව කියල අමුතු මෝඩ තර්ක ගෙනත් රටම කැළඹුවා . අනෙකුත් සියලුම සිසුන්ගෙන් වෙන් වෙල වෙනම ගැට්ටක් හදාගෙන තමන්ට ප්‍රශ්නයකදි එලියට එන තක්කඩි. පුද්ගලික වි වි තිබ්බනම් රටෙ ඩොලර් කෝටි ගානක් ඉතුරු කර ගන්න පුලුවන්. මෙ යක්කු එකට ඉඩ දෙන්නෙ නෑ. තමන්ගෙ බඩට වදින නිසා. තමන්ගෙ පුද්ගලික සේවයට වදින නිසා. ඔච්චර රටට අදරේනම් ඇයි පුද්ගලික රෝහල් නියාමනයට විරුද්ධ? පුදුම තර්ක තිය්න්නෙ මෙයලගෙ. පුද්ගලික වි වි හොඳ නැ. හැබයි පුද්ගලික රෝහල් හොදයි. නමුත් පුද්ගලික රෝහල් නියමනය කරන්න බැ. බදු වලින් පනින්න බැරි නිසා. වෙන ආයතන වල අතිකාල හොරට දානව කිය කියල මෙයල තනිකරම අතිකාල හොරට ගන්නේ ගෙවල් වල ඉදල. දත් දොස්තරල කොහොමද මාසෙට අතිකාල පැය 120 ක් ගන්නෙ. උදේ 8 හවස 2, සති අන්තෙ නිවඩු ඉඳල. වෙන එකෙක් ගත්තනම් බලන්න තිබ්බා මෙයලාගේ සද්දෙයි. දුක් ගැනවිල්ලයි.
සෑම ප්‍රශ්නයකටම රජය වග කිව යුතුයි .ඒකට තමයි රජයක් තියෙන්නේ .මිනිස්සුන්ව පාලනය කරගෙන ක්‍රම වේදයකට රට ගෙනියන්න .රජයේ නිලධාරියෝ පිස්සු කෙලියාම ..රට වැසියා පිස්සු කෙලිනවා
විරෝධතාවයට විරුද්ධව අදහස් දාන අයනම් රනිල් වගේ ළමයි නැති කාලකන්නි දේශපාලකයන්ට කඩේ යන අය විතරයි
වෛද්‍යවරු රට හැර යන්නේ අනීතික, අසාධාරණ බදු ප්‍රතිපත්තිය හින්දා... වෛද්‍යවරු පිනට ඉගෙන ගත්තේ නෑ... ඔය කෑ ගහන්නේ පිනට ඉගෙන ගන්නවත් පින නැති කාලකන්නි... යුරෝපයේ සාමාන්‍ය වෛද්‍යවරයෙක්ට අවුරුද්දට ඩොලර් 180000ක් විතර ලැබෙනවා. දවසට ලෙඩ්ඩු 10ක් විතර බලලා... මෙහෙ ලෙඩ්ඩු දවසට අවම 60ක් විතර බලලත් අවුරුද්දකට ඩොලර් 6000ක් විතර හම්බවෙන්නේ... මේ බදු සාධාරණ විදියට ගහනවා නම් මේ රටේ වෛද්‍යවරු රැඳෙනවා. වෙන උපාධි හරි, නියාමනයක් හරි නැතුව ලැබුණාට වෛද්‍ය උපාධිය එහෙම දීලා හරියන්නේ නෑ. අනීතික අසාධාරණ වෙන රටේ පෞද්ගලික වෛද්‍ය උපාධිය විතරක් නීතිගතව වෙයිද?