IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අ‘පුර වකුගඩු ඒකකය මරණය අභියස

(බී.ජී. චතුරංග)

වකුගඩු රෝගයෙන් දැඩිව පීඩා විඳින රජරට ප්‍රදේශයේ විශාල රෝගීන් පිරිසක් ප්‍රතිකාර ලබන අනුරාධපුර දිස්ත්‍රික් ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකයේ ශල්‍යගාරය සහ වාට්ටුව වැසීයාමේ අවදානමක පවතින බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

මෙම වකුගඩු ඒකකයට අයත් ශල්‍යගාරයේ සහ වාට්ටුවේ වායු සමන යන්ත්‍ර ක්‍රියා විරහිත වීම හේතුවෙන් මේ වන විට ශල්‍යකර්ම සිදු කිරීමේ දැඩි අපහසුතාවයක් පවතින බව රෝහල් ප්‍රකාශකයා පැවැසීය.

ශල්‍යගාරය තුල අනිවාර්යෙන්ම තිබිය යුතු වායුසමීකරණ යන්ත්‍ර හතරෙන්, තුනක්ම මේ වන විට ක්‍රියා විරහිතව පවතින අතර අනෙක් වායුසමන යන්ත්‍රයද අඩාල තත්ත්වයේ පවතින බවත් රෝගීන් නේවාසිකව සිටින වාට්ටුව තුළ වායු සමනය සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිතව පවතින බවත් එහි වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය නිලධාරීහු පිරිසක් අනාවරණය කළහ.

ශල්‍යකර්ම සඳහා භාවිතා කරන උපකරණ මෙන්ම ශල්‍යකර්මවලදී  විෂ බීජවලින් රෝගින්ව ආරක්ෂා කර ගැනීම සඳහා වායු සමන යන්ත්‍ර අත්‍යවශ්‍ය බවත් එම වායු සමීකරණ යන්ත්‍රයක ආක්‍රීය වීමෙන් රෝගී ජීවිත අවධානමක පවතින බවද මෙහිදී අනාවරණය විය.

එම වායු සමන යන්ත්‍ර අක්‍රිය වීම වසර දෙකක පමණ කාලයක සිට වරින් වර සිදුව තිබූ අතර මේ වන විට එය සම්පූර්ණයෙන්ම අක්‍රීය තත්ත්වයට පත්වීම හේතුවෙන් නිසියාකාරව සැත්කම් කිරීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි.

 



අදහස් (1)

අ‘පුර වකුගඩු ඒකකය මරණය අභියස

Sashi Friday, 03 May 2024 03:37 PM

කාලකණ්ණි...!

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 439 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site