
(බී.ජී. චතුරංග සහ ගයාන් සූරියආරච්චි)
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
මෙලෙස පලා ගිය එක් සැකකරුවකු අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ හා අනෙක් සැකකරු කැලණිය ප්‍රදේශයේ සැකකරුවෙකු බවද බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
අනුරාධපුර බන්ධනාගාරයේ එලිමහන් සිර කඳවුරු භූමියට අයත් ජයන්ති මාවතේ, මහජනතාවට විවෘත කර ඇති බන්ධනාගාර ආපන ශාලාවේ සේවය සදහා යොදවා සිටි මෙම රැඳවියන් දෙදෙනා, ඔවුන් පැළඳ සිටි බන්ධනාගාර සිර ඇඳුම් ඉවත් කොට වෙනත් ඇඳුම් පැළඳ මෙසේ පලා ගොස් තිබේ.
පලා ගිය මෙම සිරකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සදහා අනුරාධපුර බන්ධනාගාර නිලධාරීන් සමග එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිසිය සදහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අ:පුර එළිමහන් සිරකදවුරෙන් රැදවියෝ 02ක් පැනයති
chandima Friday, 29 March 2024 09:05 PM
අම්මපා, ඔවුන් දෙන්නගේ ගිණුමට දාලා ඡන්දයට මාර වැඩ ගොඩක් කරන්න පුළුවන් නේද?