(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ අමුද්‍රව්‍ය සියයට අසූවක් යොදා ගනිමින් නිෂ්පාදනය කෙරුණු මෝටර් රථයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

ඩොනවන් ඩැක්ස් රාජසේගර් මහතා විසින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත මෙම මෝටර් රථය  ජනාධිපති ලේකම් කාර්යාලයේදී ප්‍රදර්ශනය කෙරිණි.

මෙම මෝටර් රථය ශ්‍රී ලංකාවේ පළමු මෝටර් රථය ලෙසට  ජුනි 18 වන දින කර්මාන්ත අමාත්‍යාංශයේදී ප්‍රදර්ශනය කිරීමටද නියමිතය බව  ඩොනවන් ඩැක්ස් රාජසේගර් මහතා පැවසීය.

දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ  උපදේශක රුවන් විජයවර්ධන මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.