IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අපේක්ෂක ලැයිස්තු හැදීමේදී පක්ෂ රැසක් අර්බුදයක

 


(සුජිත් හේවාජුලිගේ )

දූෂණ වංචා චෝදනා එල්ල වූ විශාල පිරිසක් ඉදිරි මහ මැතිවරණයේදී තරග කිරීමට ඉදිරිපත් වීම හේතුවෙන්  අපේක්ෂක ලැයිස්තුවලට   අපේක්ෂකයන් තෝරා ගැනීමේදී  දේශපාලන පක්ෂ රැසක් බරපතළ  අර්බුදයකට මුහුණදී   සිටින බව වාර්තාවේ.

මේ පිරිස අතර අධිකරණවල නඩු පවතින අයද සිටින බව දැනගන්නට ඇත.

ජාතික ජාතික ජන බලවේගය විද්වතුන් ඇතුළු දේශපාලනයට අලුත් පිරිසක් මහ මැතිවරණයට ඉදිරිපත් කරන හෙයින් එම අපේක්ෂකයන් සමග තරග වැදිය හැකි අලුත්ම පිරිසක් ඉදිරිපත් කළ යුතු බවට බොහෝ පාර්ශව වලින්  සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යන දේශපාලන පක්ෂ වල නායකයන්ට  යෝජනා ඉදිරිපත්ව ඇතැයිද  වාර්තාවේ.

මේ තත්ත්වය සැලකිල්ලට ගෙන   සියළුම අපේක්ෂකයන්ගේ පහුගිය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වෙන වෙනම වාර්තා ලබා ගැනීමට එම දේශපාලන පක්ෂ කටයුතු කරමින් සිටී.
අල්ලස් හෝ දූෂණ  චෝදනා විමර්ශන  කොමිෂන් සභාවෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද ඒ පිළිබඳ වාර්තා ලබා ගැනීමට නියමිතය.

මේ අතර හිටපු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් තිහකට වැඩි පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඒ බව සිය පක්ෂ වලට දැනුම්දී ඇත.

මින් වැඩි පිරිසක් ශ්‍රී ලංකා පොදුජන  පෙරමුණ නියෝජනය කරන අය වෙති.ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිගාමඩුළු දිස්ත්‍රික් මන්ත්‍රී විමලවීර දිසානායක මහතා අප සමග පැවසුවේ
තමා මහ මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණයක් ගෙන නොමැති බවයි. ආර්ථික ප්‍රශ්න ඊට ප්‍රධාන හේතුව බවද ඔහු සඳහන් කළේය.

මේ අතර හිටපු අමාත්‍ය එස් බී දිසානායක මහතාද ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවට සිය හිතවතුන්ට ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.

හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාද  ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවට දැනටමත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. තමා විශ්‍රාම දිවියක් ගත කරන බවද ඔහු  වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසක් ඉදිරියේදී ව්‍යවසායක දිලිත්  ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා  පක්ෂය සමඟ සම්බන්ධ වීමට සාකච්ඡා ආරම්භ කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දහයකට ආසන්න පිරිසක් දැනටමත් එම පක්ෂය සමඟ සම්බන්ධවී ඇත.  පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ නාමයෝජනා බාර ගැනීම පසුගිය 4 වැනිදා ආරම්භ කෙරුණු අතර එය ලබන 11 දක්වා සිදු කෙරේ.

මේ අතර මහ මැතිවරණයට ඉදිරිපත් වන සියලුම අපේක්ෂකයන් නාම යෝජනා භාර දෙන අවස්ථාවේදී සිය වත්කම් බැරකම් ප්‍රකාශ භාරදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මීට අමතරව මහ මැතිවරණයෙන් පසු අපේක්ෂකයන් සියලු දෙනා මැතිවරණ වියදම් වාර්තාද කොමිසමට ඉදිරිපත් කළ යුතුවේ.

 

 



අදහස් (3)

අපේක්ෂක ලැයිස්තු හැදීමේදී පක්ෂ රැසක් අර්බුදයක

සිල්වා Sunday, 06 October 2024 02:38 PM

බලය වෙනුවෙන් බොරු කියන අපේක්‍ෂකයන්ට ඡන්දය දෙන්නේ නෑ...

:       1       32

ගමේ එකාලා Sunday, 06 October 2024 05:18 PM

දූෂිත දේසපාලුවෝ කවුද කියලා ජනතාව දන්නවා. අදූෂිත, උගත්, බුද්ධිමත් පිරිසක් තෝරා ගැනීමට ජනතාවට මොලේ පෑදේවා...

:       1       24

Pankumburage Tuesday, 08 October 2024 09:05 AM

දිලිප් ඕන හොරෙක්, ඕන කුණුගොඩක් ගන්නවා. එයත් හොඳ මිනිහෙක් නෙවෙයි නේ. නයි පප්පෙක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 81 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site