
(ලක්මි කුඩලිගම )
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණ 2024ට ඉදිරිපත්ව සිටින කළුතර දිස්ත්‍රික් අපේක්ෂකයන් දෙදෙනෙකුගේ රුව හා අංකය සහිත පෝස්ටර් හා අත් පත්‍රිකා තොගයක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු බුලත්සිංහල දී අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.
බුලත්සිංහල පොලිස් වසමේ පහළ වෙල්ගම ප්‍රදේශයේ දී පොස්ටස් 13,000ක් පමණ සහ අත් පත්‍රිකා තොගයක් සමග වෑන් රථය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් වෑන් රථය හා එහි රියදුරු සමග රිය සහයක යන දෙදෙනා මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුහරි මේ නීතිය පැහැදිලි කරන්ඩ.. ස්තූතියි