(සුජිත් හේවාජුලිගේ)
"ආණ්ඩුව අපේ හඬට ඇහුම්කන් නොදුන්නොත් අපිටත් ආණ්ඩුවේ හඬට ඇහුම්කන් දෙන්න බැරි වේවි" යැයි හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය.
පාසල් උපකරණ මිල ඉහළ ගොස් දරුවන්ට පාසල් යෑමට නොහැකි තත්වයක් උදාවී තිබියදී මහජන නියෝජිතයන් විදියට පාරට බැස ජනතාවට මුහුණ දෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ හිටපු අමාත්‍යවරයා විදුලි බිල වැඩි කරන ආකාරයද අන්ත අසාධාරණ බව ප්‍රකාශ කළේය.
ඉතා සුළු මුදලකින් විදුලි බිල වැඩි කිරීමට කිසිවකුත් විරුද්ධ නොවන බවද ඔහු පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නිකන් කට විතරයි. එහෙනම් අයවැය චන්දෙ දී අත ඉස්සුවේ ?ඔය පොහොට්ටුවේ සෙට් එකටම තියන ඊළඟ චන්දේ දී ෂොට් එක .කාලකන්නින් රට කෑවා
තක්කඩිකම් ප්‍රදර්ශනය කරමින්, වාචාල කට අරිමින් රටට කළ වින්නැහිය හොඳටම ඇති.. කිසිම හැදියාවක් නැහැ.
ජනතාවගේ හඬට කන්නොදුන්නාට ජනතාව ඊළඟ පහර දෙන්නේ ඔහෙලගේ කනට...
ඒ හඬට කන්දෙන එක හරිම අමාරුම වැඩක්... හරියටම මළකඩ කාපු හිරමණයකින් පොල් ගානවා වගේ...!
දැන් ඇති. මාදිවල නිල නිවාස වගේ රනිල්ට කියලා වැඩිහිටි නිවාස සංකීරණයක් ඔයාලා වෙනුවෙන් හදාගන්න.
ඔයාගේ හඬ පොඩ්ඩක් පැහැදිලි මදිනේ අප්පා...
60% කියන්නෙ සුළු ගානක්ද?
ඔහේවගේ අයගේ හඬට ජනතාව ඇහුම්කන් දෙයි කියලා තාමත් හිතාගෙනද ඉන්නේ..? නැතිනම් දවල් හීන දකිනවද? ආණ්ඩුව පෙරළන්නකෝ බලන්න. ගෙදර උන්දැගේ ඇඳ යට තමයි නිදාගන්න වෙන්නේ..!