IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අපේ මුහුදෙන් යන නැව්වලින් ඩොලර් උපයන්න පනතක් එයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයෙන් යාත්‍රා කරන නෞකා වලින් වාර්ෂිකව රටට ඩොලර් මිලියන 200ක් උපයා ගැනීමට හැකි “විද්‍යුත් නාවික සිතියම්” (Electronic Navigation Charts) නිර්මාණය කිරීමට අවශ්‍ය ජාතික ජලශාස්ත්‍රීය පනත සංශෝධනය කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

මේ වන විට පවතින නාවික සිතියම් බ්‍රිතාන්‍ය ජලශාස්ත්‍රීය කාර්යාලය මඟින් මෙහෙයවනු ලබන බවත්, එම නිසා ඉදිරියේදී විද්‍යුත් නාවික සිතියම් නිර්මාණය කිරීමේ වගකීම නාවික හමුදාවට බාරදීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්  මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (24) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ශ්‍රී ලාංකීය මුහුදු කලාපයේ පිහිටීම නිසා රට අසලින් වසරකට නෞකා 45000 ක් පමණ යාත්‍රා කරන බවද ඒවායින් ආදායමක් ගැනීමට නම් නව විද්‍යුත් නාවික සිතියමක් (Electronic Navigation Charts) අවශ්‍ය බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.



අදහස් (7)

අපේ මුහුදෙන් යන නැව්වලින් ඩොලර් උපයන්න පනතක් එයි

Anura M. Waduge Friday, 24 November 2023 04:30 PM

හොඳ වැඩක්... සුබපැතුම් ප්‍රමිත...

:       14       11

Perera Friday, 24 November 2023 05:16 PM

මුහුදේ යන නැව් නවත්තලා ලයිසන් චෙක් කරන්නද හදන්නේ?

:       1       0

ravin Friday, 24 November 2023 06:10 PM

වැඩේ නම් හොඳයි... පොඩි පරහකට තියෙන්නේ උපයන මුදලට වඩා හම්බවෙනදේ හොරකම් කිරීමට ඔය ගමන්ම සැලසුම් හදන එක නේද?

:       1       1

W Ananda Friday, 24 November 2023 07:32 PM

අපේ රට ආසන්නයෙන් නැව් යන එක නවත්තන්න ක්‍රමයක් තමා මේ යෝජනා කරන්නේ...

:       1       0

Bamunuarachchi Saturday, 25 November 2023 12:20 AM

මේ ගොයියා හීන දකිනවා. සිහින හැබෑ වුණොත් හොඳයි...!

:       1       0

Bamunuarachchi Saturday, 25 November 2023 08:56 AM

බල්ලෝ මරලා හරි සල්ලි හොයන්නයි හදන්නේ...!

:       3       0

රවී ද සොයිසා Sunday, 26 November 2023 04:10 PM

විශිෂ්ටයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site