IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


‘‘අපේ පොරොන්දුව අපි දෙනවා‘‘

(රුවන් පතිරණ)

වතු කම්කරුවන්ට රුපියල් 1700 ක් දෙනව කියල අපේ රජයෙන් පොරොන්දුවක් දුන්නා. අනිවාර්යෙන් ඒ මුදල අපි ලබා දෙනව. දැනට ලැබෙන 1350 ට තව රුපියල් 350 ක මුදලක් වැඩි කරන්න වතු සමාගම් රජය සාකච්ඡා කරල තියෙනව. වතු සමාගම් ඒ සඳහා සාධනීය විසඳුමක් ලබා දෙනු ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ  වරකාපොළ මාදෙනිය වතුයායේ නිවාස හා යටිතල පහසුකම් නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේ ඇත්තටම මේ ජනතාවට අද පවතින ජීවන වියදම අනුව රුපියල් 1700 ක් මුදලක් නොව රුපියල් 2000 ක මුදලකුත් ජීවත්වීමට මදි බවත් මුලින් අපි රුපියල් 1700 ඉලක්කයට ගොස් නැවත රජයෙන් සහනයක් හරි ලබා ගෙන රුපියල් 2000 මුදලක් ලබා ගැනීමට කටයුතු කරමු යැයිද පැවසීය.

මාදෙනිය වතුයායේ ඇති ලැයින් කාමර මනුෂ්‍ය වාසයට නොව සතුන්ට ජීවත්වීමටවත් සුදුසු මට්ටමක නෙමෙයි තියෙන්නේ. ජාතික ජනබලව්ගය මේ රටේ මිනිසුන්ට ලොකු පොරොන්දුවක් දුන්නා.

 



අදහස් (2)

‘‘අපේ පොරොන්දුව අපි දෙනවා‘‘

අරවින්ද මොණරවිල Thursday, 02 October 2025 06:56 PM

ආණ්ඩුවට සල්ලි තිබෙනවා කිව්වාට වැඩ කෙරෙන්නේ බොහොම හෙමින්..., කරුණාකරලා මේ අවිහිංසක මිනිසුන්ට ඉක්මනින් සහන ලබා දෙන්න !

:       2       12

Bunny Preena Friday, 03 October 2025 09:22 AM

මටත් හිතා ගන්න බෑ. භාණ්ඩගාරයේ සල්ලි තියෙනවායි කියනවා. රජයේ සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ට යහමින් පඩි වැඩි වීම් , හිඟ මුදල් විශ්‍රාම වැටුප් වලට එකතු කිරීම සිදුවෙනවා .ඇයි වතු කම්කරුන්ට විතරක් කුඩම්මගේ සැලකිලි .ඔවුන්ව හැම ආණ්ඩුවකින්ම රවටලා අපහාස කරනවා. මේක හොඳ වැඩක් නෙමේ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 626 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site