
(රුවන් පතිරණ)
වතු කම්කරුවන්ට රුපියල් 1700 ක් දෙනව කියල අපේ රජයෙන් පොරොන්දුවක් දුන්නා. අනිවාර්යෙන් ඒ මුදල අපි ලබා දෙනව. දැනට ලැබෙන 1350 ට තව රුපියල් 350 ක මුදලක් වැඩි කරන්න වතු සමාගම් රජය සාකච්ඡා කරල තියෙනව. වතු සමාගම් ඒ සඳහා සාධනීය විසඳුමක් ලබා දෙනු ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ වරකාපොළ මාදෙනිය වතුයායේ නිවාස හා යටිතල පහසුකම් නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේ ඇත්තටම මේ ජනතාවට අද පවතින ජීවන වියදම අනුව රුපියල් 1700 ක් මුදලක් නොව රුපියල් 2000 ක මුදලකුත් ජීවත්වීමට මදි බවත් මුලින් අපි රුපියල් 1700 ඉලක්කයට ගොස් නැවත රජයෙන් සහනයක් හරි ලබා ගෙන රුපියල් 2000 මුදලක් ලබා ගැනීමට කටයුතු කරමු යැයිද පැවසීය.
මාදෙනිය වතුයායේ ඇති ලැයින් කාමර මනුෂ්‍ය වාසයට නොව සතුන්ට ජීවත්වීමටවත් සුදුසු මට්ටමක නෙමෙයි තියෙන්නේ. ජාතික ජනබලව්ගය මේ රටේ මිනිසුන්ට ලොකු පොරොන්දුවක් දුන්නා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවට සල්ලි තිබෙනවා කිව්වාට වැඩ කෙරෙන්නේ බොහොම හෙමින්..., කරුණාකරලා මේ අවිහිංසක මිනිසුන්ට ඉක්මනින් සහන ලබා දෙන්න !
මටත් හිතා ගන්න බෑ. භාණ්ඩගාරයේ සල්ලි තියෙනවායි කියනවා. රජයේ සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ට යහමින් පඩි වැඩි වීම් , හිඟ මුදල් විශ්‍රාම වැටුප් වලට එකතු කිරීම සිදුවෙනවා .ඇයි වතු කම්කරුන්ට විතරක් කුඩම්මගේ සැලකිලි .ඔවුන්ව හැම ආණ්ඩුවකින්ම රවටලා අපහාස කරනවා. මේක හොඳ වැඩක් නෙමේ.