IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අපේ දඬු මොනරෙට තෙල් ගන්න තැන් සොයයි

(අංජුල මහික වීරරත්න)

එතෙර ගුවන්තොටුපළවල් නවයකදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන් යානා ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තු පිරිනැමීමට ඇමති මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

බැංකොක් ,බීජිං,ඩුබායි ,හයිද්‍රාබාද් ,කරච්චි, මාලේ ,රියාද්,ක්වාලාලම්පූර් හා ජගර්තා ගුවන් තොටුපළවල ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තු ලබන වසරේ මුල් කාර්තුවේ දී  අවසන් වීමට නියමිත බව රජය පවසයි.

එකී ගුවන් තොටුපළ වලදී ඉන්ධන සපයා ගැනීම සඳහා ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවා ඇතැයි රජය පවසයි.

ගුවන් යානා ඉන්ධන සැපයුම් සමාගම් එකොළහක් විසින් ලංසු ඉදිරිපත් කර ඇති අතර කරච්චි ගුවන්තොටුපොළ  සඳහා එක් ලංසුවක් ද ඉතිරි ගුවන් තොටුපොළ 8 සඳහා ලංසු දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ලැබී තිබෙන බව රජය කියයි.

ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි අවම මිල ගණන් ඉදිරිපත් කර ඇති ලංසු කරුවන් වෙත අදාළ කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

 



අදහස් (2)

අපේ දඬු මොනරෙට තෙල් ගන්න තැන් සොයයි

Siripala Wednesday, 13 December 2023 10:00 PM

වැඩිම කොමිස් දෙන තැන් පමණක් තෝරා ගන්න

:       0       0

UPALI Thursday, 14 December 2023 08:17 AM

මම වැරදුනේ නැත්නම්. එහි ඒකාධිකාරී ව්‍යාපාරය අදාළ රටෙහි ගුවන් තොටුපළ සේවා සමාගම විසින් පවත්වාගෙන යනු ලැබේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 42 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 930 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site