(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
"මයික් ටයිසන්" පත්කරපු ආණ්ඩුවටම "මයික් ටයිසන්"එපා වෙන්නේ ඔහු විදුලිබිල වැඩි කරන්න විරුද්ධ වුණාට පස්සේ යැයි ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජනක රත්නායක ගැන කිසිම චරිත සහතිකයක් දෙන්න ජාතික ජන බලවේගයට උවමනාවක් නැතැයි ද විජිත හේරත් මහතා කීය.
ජනක රත්නායක කොමිසමේ සභාපති වෙන්න කලින් ඔහු ආණ්ඩුවේ මූල්‍ය ආයතන වල සභාපති කම් දැරූ බව කී හේරත් මහතා ඔහු ආණ්ඩුවට එපා වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කළ විදුලි බිල වැඩි කිරීම ඔහු යටතේ ක්‍රියාත්මක කරන්න බැරි වූ නිසා බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් දේවල් ගැන ජනකට කාගෙවත් චරිත සහතික මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ මනුස්සයා මේ ලෙඩේ දාගත්තේ ජනතා දුකට පිහිට වෙන්න ගිහිල්ලා. ඒ ගැන සිතා ඔහුට රටේ ජනතාව වෙනුවෙන් අවංකව සහයෝගයක් දීමයි... මේ වෙලාවේ කළයුතු වන්නේ. නිකං පෙර වැරැදි ගැන සිහිකරලා ඇඟ බේරාගෙන වැඩ කරන්න එපා. ඔහු මේ ප්‍රශ්නෙන් දිනුවොත් ජනතාව දිනුවා වෙනවා. පැරදුණොත්, ඔහු අලසයෙකු වගේ ඉන්න එකක් නැහැ. සාර්ථක ගමනක් යයි...
ඔයාගේ උපදෙස් ලැබෙනතුරු හිටියේ දැන් මාලිමාවේ සහාය ජනකට ගොන් පාර්ට් නොදා ඉන්නවද?
බමුගේ කතාව ඇත්ත , එහෙම හිතලා ජන්දය දීල , බමුගේ සෙට් එක, රට මේ තත්වයට දියුණු කලේ