
(අංජුල මහික වීරරත්න)
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානය බිහිකරන බවද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
වික්‍රමසිංහ මහතා නව සන්ධානයට නායකත්වය දුන්නද ඔහු මහ මැතිවරණයට තරඟ කරන්නේ හෝ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්නේ නැතැයි දැනුම් දී තිබෙන්නේ යැයිද අලුත්ගමගේ මහතා කීය.
ගෝඨාභය ජනාධිපතිවරයා කළ දේම දැන් අනුර කුමාර ජනාධිපතිවරයාත් කරමින් සිටින බව කී අලුත්ගමගේ මහතා ගෝඨාභයත් ජනාධිපති වූ සැණින් ජනාධිපති කාර්යාලයේ වාහන 993ක් වෙනත් ආයතන වලට බෙදා දෙමින් ජනාධිපති කාර්යාලයේ දවල් බත් වේල කපා හරිමින් ,කිරි තේ වෙනුවට ප්ලේන්ටි දෙමින්, ජනපති මැදුර වෙනුවට පුංචි ගෙදරක ජීවත් වෙමින් කටයුතු කළ බව පැවසීය.
ජනතාව වැඩි බලාපොරොත්තු තියාගෙන ආණ්ඩු හැදූ විට එම පාලනය ගෙනයාම ඉතා අමාරු බව කී අලුත්ගමගේ මහතා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාටත් සිදුවූයේ එයම බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය හරියට ක්‍රියාත්මක වුණොත් ගමන කෙළවර වෙන්නේ වැලිකඩින්....
වැලිකඩින්ම ගමන යලි අරඹමු…
ගෙදරින් පෝරකේට. යන්න ලෑස්තිවෙන්න. හතර ව්ටේ ගහාපු පැට්ව්වුන්ට කන්න දෙන්න. බිරින්දෑවරුන්ට. ශෝ එකට ඉන්න මුදල් දෙන්න ක්‍ර්මයක් දැන් නැහැනේ. රනිල්ව ගෙදර ඇරියේ ජනතාව ඔබලාව පොරකේට අරින්නෙත් ජනතාව. ඔබලා බුදිය ගත්තාට කමක් නැහැ. මතක තියා ගන්න ලොකේ හැම දේශපාලකයෙක්ම ජනතාවට වැඳගෙන ඉන්නේ. හැන්ද ජනතාව අතේ. කොහොමද? දැන් සැපද? මයිනාගෙ පිහාටු ගැලවෙන කොට. අයින් කරලා. අනිත් මයිනාගේ පිහාටුත් හැලෙන්න අරන් තියෙන්නේ..!
පොහොට්ටුවේ ඉඳලා හොරාකාලා බඩවඩා ගත්තු එවුන් දැන් මොකටද රනිල් එක්ක යන්නේ? රනිල් එක්ක තියා මොකා එක්ක ගියත් වැඩක් වෙන එකක් නැහැ. රටම හොරාකාලා විනාශ කරපු කාලකන්නි දූශිත දේශපාලුවන් ජනතාව ප්‍රතික්ෂේප කරලා හමාරයි.
ඔව් ඔව්. ගමන නං යන්න ලං වෙලා ඉන්නේ කියලා පෙනෙනවා.
අනේ යනවා හලෝ, රනිල්ම කියනවා තමුන්ලාගෙන් බලාපොරොත්තු වෙච්චි ඡන්ද ලැබුනේ නැතිබවත් ඉදිරියට ඔහේලා එක්ක නැති බවත්, මෙයා පයින් ගහන ගමන් පයේ එල්ලිලා අනුරට වහසි බස් කියවනවා. තමුන්නැහැලා තනිවම ඉල්ලන්නකෝ... එතකොට තත්ත්වය බලාගත හැකියි, ගෝඨාභය කළදේ අනුර නොකරන බව හොඳටම දැනගෙන කුහකයා වගේ කියවනවා, තව ටික දවසක් ඉන්නකෝ...!
සැරයටියෙන් අපි යනෙන තුරා.. සංසාරේ අපි එකට ඉමු.
ඔබලාට දැන් යන්න තියෙන්නේ හිරේ විතරයි.
රටේ වාසනාවට මේ හොරු ටික එක මිටට සෙට් වුණේ... එක මිටට ගෙදර යවන්න පුළුවන් ඡන්දෙන්. ඊට කළින් හොරකම්වලට අහුවුණොත් මහඋළුගෙදර තමයි.
රනිල් එන්නේ නැතිනම්, අගමැති අපේක්ෂක කවුද?
මොනවා වුණත් ඇත්ත කියනවා නේද..? ගෝඨාභයට වටේ හිටපු අය තමා එයාව විනාශ කළේ. වටේ හිටියේ ඉතිං ඔයා වගේ අයනේ..
අනුර මොවුන්ගේ ප්‍රතිවාදියා වුවත් ඒ විවේචනය ඉතා වැදගත් සහ නිවැරැදි එකක්. හිතේ ඇතුළ අපිරිසිදු නම් මෙවැනි විවේචන නොකර අනුරලා විනාශය කරා ඇදී යන විදිය බලා සිටින්න තිබුණා. ගෝඨාභය විවේචනය කළ සුසිල් ප්‍රේම ජයන්ත කැබිනට් එකෙන් එළියට දැම්මා...
ගෝඨාභය පත්කළේ ඔහේලා එකතුවෙලා අනුර පත්කරේ මිනිස්සු එකතුවෙලා... ඒකයි වෙනස.
පාලනය, එළියේ සිට කතා කරනවා සේ පහසු කාර්යයක් නොවේ. එබැවින් ඉතා පරිස්සමෙන් සහ පළපුරුදු අය සමඟ කරගෙන යා යුතුයි. අනුන්ගෙන් පළිගැනීම වැනි කාර්යයන් සඳහා කාලය වැය නොකර රට හොඳින් පාලනය කර ගැන්මට මූලිකත්වය දීගෙන යනවා මිසක අනවශ්‍ය දේ මුලින්ම පටලවා නොගත යුතුයි. බොරු ෂෝ පෙන්වීමද යහපත් දෙයක් නොවේ...!
ඒ ගෝඨාභය මේ අනුර ගෝඨාභයයි, අනුරයි සංසංදනය කරන්න බෑ. ගෝඨාභය කිව්ව විදියට කාබනික පෝරම හොඳයි කියලා ඇන ගත්තා මතකද?
අවංකවම දැන්නම් මේ කාලකණ්ණි දකින කොටත් අප්පිරියයි...
ගෝඨාභයට කෙළවුණේ බහුතර සිංහල ඡන්දෙන් දිනපු නිසා... ජාතිවාදයෙන් රට කරන්න ගිහින්...
ඔබලා ජනාධිපතිවරණයට කලින් කිව්වා නේද නියත ජනපති රනිල් කියලා. අන්න ඒ ප්‍රතිඵලයම තමයි මහ මැතිවරණයට දෙන්නෙත්. ඊටත් භයානකයි. ඔබලා සේරම එකට තියලා වැලිකඩට යවන්න පුළුවන්. රට කාබාසිනියා කලේ ඔබලා... ඔබලා ගෝඨා එක්ක හිටි නිසා එයාට ගෙදර යන්න වුණාට අනුරට එහෙම නැහැ...
කනත්තට තමයි ඉතින් යන්න තියෙන්නේ...
ගෝඨා කරපු දේවල් ගැන නම් කියන්ඩ ඕන තරම් තියෙනවා. ගෝඨා කෙරුවේ පව්ලේ ඉන්න හොර හැතිකරේම කිට්ටු කරගෙන, හිතේ හැටියට හොරකම් වංචා දූෂණ නාස්තී කරන්ඩ ඉඩදීපු එක. සෞභාග්‍යයේ දැක්ම පෙන්නලා තියෙන්නේ පවුලේ වුණ්ට.
නාවලපිටියේ කබරයෝ, තමුසෙයි තමුසෙගෙ යාළුවොයි ඔක්කොම රනිල් එක්ක ගමනක් යනවා . ඒක අපිට ප්‍රස්නයක් නැහැ , හැබැයි තමුසෙට තියෙන හැට හුටාමාරක් නඩු වලට කට්ටි පනින්න නැතිව , නඩු වලට මුහුණ දීලා අධිකරණයෙන් දෙන දඬුවම් විඳින්නත් ලැහැස්ති වෙනවා...අපි අති බහුතරයක් ජනතාව අනුර සමග බොහොම ලස්සන ,සාධාරණ,සමගිය පිරුණු , ශක්තිමත් ගමනක් යනවා , ඒ ගමනේ අවසානය අපේ රට බොහොම ශක්තිමත්, මුළු ලෝකයම පිළිගන්නා, නොබැදුන , ලස්සන, ධනවත් රටක් !!! උගත් බුද්ධිමත් නිදහස් සාමකාමී ජනතාවකගෙන් පිරුන සුන්දර ධනවත් රටක් !!! මාලිමාවට ජයවේවා !!!
ගෝඨාභයට උනේ හොරු රැලක් ලන්කර ගත්ත එක තමයි. ගෝඨාභය ලංකරගත්ත ලොකුම හොරා තමයි මූ....
ගෝටාභය කියන මෝඩයාව අන්දලා මිනිහත් එක්ක එකතුවෙලා චීනෙන් " කක්කා " නැවක් ගෙන්නුවේ කවුද ? ඒකට කියක් ගෙව්වාද ? කියක් තමුන්ගේ සහ ගෝටාගේ පොකට් වලට වැටුනාද ? මේ නඩු ළඟ ලඟම එනවා. කුම්බලාමාලු කෑවනම් විඳවපන් බළලෝ කීවාලු. හොඳ ජම්පර් තුන හතරක් මහගෙන ලැහැස්තිවෙනවා ..ජම්පර් නැත්නම් නිර්වස්තරයෙන් තමයි කුඩුවේ ඉන්න වෙන්නේ.තණමල්විල හරියට මදුරුවෝ.
රනිල් එක්කල අපි යනව කියනවට වඩා අපිත් එක්කල රනිල් යනව කිව්වොත් නේද හරි? කෙලින් යන්ඩ පණ නැති මහල්ලෙකුට මොන ගමන්ද? ගෙදර ගිහින් බණක් භාවනාවක් කරගෙන ලිච්චවි රජ්ජුරුවො ඉන්න දිහාට යන්න ලැහැස්තිවෙන්න්ඩ කියන්න. ලිච්චවි රජ්ජුරුවොත් මචන් කෙනෙක් නිසා එහෙදි සලකයි.
වෙල්ගම බලන් ඉන්නවා ඔයාගේ ගමන දිහා
පසුගිය මැතිවරණයේදී නාවලපිටියේ ජනතාව තම ස්ථාවරය ඔබට පෙන්වා තිබෙනවා. ඔබ රනිල් සමඟ වැඩ කළත් මේ මැතිවරණය අනිවාර්යයෙන්ම වැලිකඩින් අවසන් වෙනවා. සියලුම ලිපිගොනු දැන් සූදානම් වෙමින් පවතී. ඔබේ වාරය එනතුරු ඉන්න.
රටම වැනසූ කාලකන්නි .තව මොන ගමනක්ද උඹලට .සොහොනට මිසක්
මුන්ගේ තියන මූසල පාට . ගෙදරම යවන්න ඕනා සෙට් එකෙන් මුදුනින්ම ඉන්න එකෙක්
රනිල්ගේ රෝද පුටුව තල්ලු කරන්නද යන්නේ...?