(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අපි ගිනි කන්ද උඩ තාච්චිය තියාගෙන සොසේජස් බැදගෙන කන ජාතියක් යැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

 ගිනිකන්ද පිපිරුවොත් කවුරුවත් ඉතුරු වෙන්නේ නැතැයි ද ගුණවර්ධන මහතා කීය.

මේ වන විට තිබෙන ණය ප්‍රමාණය ඇමරිකා ඩොලර්  බිලියන තිස් හයක් බව කී අමාත්‍යවරයා අවුරුදු විස්සකටත් පස්සේ ණය ගෙවන්නට තිබෙන බව පැවසීය.

ආණ්ඩුව කවුරු ගත්තත් මේ ණය ගෙවන්න නීතියෙන් බැඳී සිටින බව කී ගුණවර්ධන මහතා මේ ණය ගෙවුවේ නැතොත් ඇමරිකා එක්සත් ජනපදයේ හැමිල්ටන්  උසාවියේ නඩු පවරනු ඇති බවද සඳහන් කළේය.