(අංජුල මහික වීරරත්න)
මෙරට කොහු ආශ්රිත අගය එකතු කළ නිෂ්පාදන සඳහා චීනය, එක්සත් ජනපදය හා යුරෝපා රටවල ඉහල ඉල්ලුමක් පවතින බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ලාංකික නිෂ්පාදනයක් වන තවෂි කොහු බුරුසු සඳහා විදේශ වෙළෙඳ පොලේ ඉහල ඉල්ලුමක් පවතින බවත් සාමාන්‍යයෙන් වසරකට එම බුරුසු එක්කෝටි අනූ ලක්ෂයක් පමණ අපනයනය කරන අතර ඒ සඳහා වැඩිම ඉල්ලුමක් පවතින්නේ ජපානයේ බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පොල් සංවර්ධන අධිකාරියේ ප්‍රගතිය පිළිබඳව සහ එම අධිකාරියේ ඉදිරි කටයුතු පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සමාලෝචන සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ අපි නම් ඔය කොසු ගන්නේ මොකද? ගෙනාවොත් සතියක් පාවිච්චියට ගන්න බැහැ... හැමතැනම කොහු හැලෙනවා සමහර වේලාවට කොහු මිටි පිටින් හැලෙනවා.. ප්ලාස්ටික් කොස්සෙන් ටික කාලයක් කොහු හැලෙන්නේ නැතුව අතුගාන්න පුළුවන්... ඉදල් වුණත් එහෙම තමයි... හොර බොරු නැතුව හදනවා නම් හොඳයි..!
ප්ලාස්ටික් නිෂ්පාදන නැතිව රටේ හදන ස්වාභාවික දේ භාවිතයට අපේ ජනතාවත් හුරු විය යුතුයි. ඒ සඳහා නව තාක්ෂණයෙන් යුතු උසස් නිෂ්පාදන වෙළඳපොළට පැමිණීම වඩා වැදගත්...
සුරංග, මම ඔය කොසු මිලයට ගත්තාම කිරිගම් හෝ රබර් කිරිමුලට වත් කරලා තමයි පාවිච්චි කරන්නේ. මේක නිශ්පාදකයාට කරන්න පුළුවන්.., නැත්නම් කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවට පුළුවන් නිසිමග පෙන්වන්න. අපේ සමහර නිෂ්පාදන කරන අය දෙවෙනි වතාවට එය අලෙවි කරන්න හිතාගෙන නෙවෙයි, භාණ්ඩ හදන්නේ....!
එහෙනම් ඒක ප්‍රමිතියකට හදන්න. රට යවන්න පළමුව තත්වය චෙක්කරලා යවන්න.
ඇමති ඇවිත් අහනකල් මේවා කාටවත් කියලා නැහැනේ?
ඔන්න අපේ අයියලාටයි.., මල්ලිලාටයි සුබ ආරංචියක්. ගෙදර ගෑනි දැන් කොස්ස ගේන එකක් නැහැ ගහන්න. ඕනම දෙයක් කරලා බය නැතිව ගෙදර යන්න.
සුරංග, අපේ උදවිය ලංකාවේ මිනිසුන්ට බාල කොසු විකුනුවට, පිටරට යවන ඒවා හොඳින් හදනවාලු...
ඉන්දියන් කාරයින් නම් කෑලි ගැලවුණත් ගන්නේ ඉන්දියාවේ කෙනෙක්මයි. අපේ අය රට ගියාම උන් හිටි තැන් අමතක වෙනවා.
තවෂි කර්මාන්ත ශාලාවම ජපන් සමාගමක්... ඒ මිනිස්සු ඇවිල්ලා වැඩක් කරපු හින්දා තමයි ඔහොම හරි අපනයනයක් තියෙන්නේ...