
(අංජුල මහික වීරරත්න)
මාලිමා ආණ්ඩුව එන විට භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන විස්සක් වත් නොතිබූ බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා ගාල්ලේදී පැවසීය.
" දැන් අම්මපල්ල තියෙනවා ඩොලර් මිලියන 6190 ක් " යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී කීය.
" අත්පුඩිය නම් සැර මදි වගේ, ඩොලර් මිලියන විස්සක් නැති තැනක ඩොලර් මිලියන 6190 ක් ගත්තට පස්සේ නිකං උළු කැට දෙක තුනක් වැටෙන්න ගහන්න එපැයි හත්තිලව්වේ අප්පුඩියක් " යනුවෙන්ද නලින් හේවගේ මහතා කීය.
නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා මේ බව කීවේ ජාතික ජන බලවේගයේ පළාත් පාලන මැතිවරණ ජය තහවුරු කිරීම සඳහා ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ පැවති ජනරැළිය අමතමිනි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජනරැළිය ඊයේ (7) සවස පැවැත්විණි.
COMMENTS
මේ කියන විදිහට මේ ගොල්ල බලයට ඇවිත් තිබෙන්නේ අපට තෙල් ආනයනය කරන්න ඩොලර් නැතිව සිටපු , 2022 වගේ කාලෙක , මෙයා නේද විට්ස් එක ලක්ෂ 12 දෙන්න කතා කලේ , මට නම් පෙනෙන විදිහට මෙයාට පච කීමේ පිස්සුව දැන් හොඳටම තද වෙලා
අම්මපා හොඳ වෙලාවට අපි මේ ගොල්ල ගෙන්න ගත්තේ , තව පොඩ්ඩෙන් අපිට පැට්‍රොල් ගන්න වත් සල්ලි නැතිවෙනවා , තව දවස් 2-3 රනිල් හිටියනම් නැවත පැට්‍රොල් පෝලිම් හැදෙනවා පැට්‍රොල් නැවක් ඩොලර් මිලියන 30 පමණ වෙනවා. දැන් ඩොලර් තිබෙන නිසා අර ඔබතුමා පොරොන්දු වුන ලක්ෂ 12 විට්ස් එක ගෙන්නලා දෙන්න.
මන්ත්‍රි තුමා ඔයා මන්ත්‍රි වෙනකොට ඔයාගේ පොකැට්ටුවේ කොච්චර සල්ලියක් තිබුණද..
මාලිමාවේ ඇමැතිලා හිතාගෙන ඉන්නේ රටේ ජනතාව ඔවුන් වගේම මන්ද මානසික හරක් කියලා වෙන්නැති. ආණ්ඩුව එක්ස්පයර් වෙන්න කිට්ටුයි. ඒකයි මරු කියවන්නේ.
බොනිකර තරු- මහ බැංකුව පච මෝලක්නෙ එහෙනම්
පරක්කු උනාට මොනවා කරන්නද? දන්සලක උනත් ඕක තමයි වෙන්නෙ. දැන් ඉතින් තියෙන හැටියකට මොනවහරි කාල යන්න.
බොරු කීමේ කලාව මාලිමාව සතුයි... මෙයා කටෙන්ද කතා කෙරුවේ
ලැන්ග්වෙජ් එක හරිම කියූට්! රාජ්‍ය තාන්ත්‍රිකයි.
නලීන් හේවගේ සහෝදරයාගේ කතාවෙන් චිත්ත පීඩාවට පත් බයි සංසදයට අපගේ බලවත් ශෝකය !
මේ වගෙ අයට රට බාර දුන්නු අපි කොච්චර මෝඩද රනිල් යනකොට ඩොලර් මිලියන 5950 මහබැංකු සංචිතයේ තිබුණා එක වත් ඇත්ත කියන්න බැරි මෙ වගෙ මුසාවදය ජිවිතය කරගත්ත මිනිස්සු මේ අවුරුදු 5 යනවිට අපෙ රටත් විකුණලා දාලා තමයි බංග වෙන්නෙ
හෑ
මාලිමාවුන් මුළු ජීවිත කාලෙම ඇරියස් තියාගෙන ඉඳපු හීනමාන රැළක්. එකටම හරියන මන්ද මානසික ඇරියස්කාර දායක සභාවකුත් ඉන්නවා. මේ මන්ද මානසික හැත්ත හිතුවේ නැහැ රාජ්‍ය බලය ලැබේවි කියල, එත් ස්වාධීන කොමිෂන් සභා වලට පින්සිදුවන්න සාධාරණ මැතිවරණ පවත්වපු නිසා උන් පචේ බලයත් පාවිච්චි කරලා මිනිස්සු රවට්ටලා ඡන්ද අරගෙන දිනුවා, දිනුවාට පස්සේ තමයි අර කලින් පොරොන්දු වුනු මහා සැලසුම් ගැන මතක් වුනේ, ඒවා නිකම් ඡන්ද වේදිකාවේ ඇද බාපු බොරු මිසක් කොහෙවත් ලියවිලා තියෙන සැලසුම් නෙවෙයි. ඉතින් තමන්ගේ ගැලවිල්ලට රනිල්ලා බැනුම් අහගෙන කරපු දේවල් තමන් කළා වගේ කියවනවා. දැන් උන් දන්නවා ස්වාධීන කොමිෂන් සභා තියෙනකම් ඊළඟ ආණ්ඩු බලය ෂුවර් නැහැ කියල, ඉතින් මිනිස්සුන්ගේ මොළ සෝදනවා මේ කොමිෂන් නිසා වැඩක් කරගන්න බැහැ කියල. මතක තියාගන්න ඔය කොමිෂන් නැති වුනොත් මේ රට තනිපක්ෂ ආණ්ඩුවක් තියෙන චීනය වගේ ඒකාධිපති පාලනයක් තියෙන රටක් වෙනවා.
රට මෙහෙය වන්න බොරුකාරයො සෙට් එකක් පත්කර ගත්ත වගේම ගම මෙහෙය වන්නට ගමට බොරුකාරයෙක් බැගින්ද පත්කර ගනිමු.
මෙයා පොහොට්ටු-රනිල් ආන්ඩුවෙත් හිටියද? එහෙම හිටපු කෙනෙක්ට නම් මෙහෙම කියන්න පුළුවන්.
බුදු අම්මෝ, මෙහෙමත්... මූණෙන්නම පෙනවා, සහතික ඇත්ත කියන්නේ කියලා. සුදුවා විකුණන පොරක් වගේ.
මේ වගේ අයට කඩේ යන පිරිසකුත් තවම ඉන්නවානේ
ඇමති කෙනෙක් වුනාම මහජන නියොජිතයෙක් වුනාම කතාකරන ක්‍රමයක් තිබෙන බව නොදන්නා ඇමතිටයි ඒ කතාව අන්තිම රස්තියාදුකාර භාශාවක් බව නොතේරුනු නෙලුම් මලකටයි අපේ හද පිරි ශෝකය. රාජ්‍යතන්ත්‍රික භාවයක් තියා වැස්සකටවත් ඉස්කෝලේ ගිය පාටක් පෙනෙන්නේ නම් නෑ 'අම්මපා' කිව්වාලු.
මේකනම් තඩි බොරුවක් නමුත් මේකෙන් අපිට වෙච්ච හානියක් නැහැ, මේ වාහේ බොරු කීවා කියලා හොරොන්ට සහයෝගය දෙන්න බෑ
දේශපාලන රැස්වීමකට මොකටද හලෝ රාජතාන්ත්‍රික කතා, චාමර සම්පත්, මහින්දානන්ද,තිස්ස කුට්ටි වීරසිංහ, නලින් බණ්ඩාර සහ චමින්ද විජේසිරි වගේ විද්වතුන්ගේ කතා අහලා වෙන්න ඇති ඔයාට ඔහොම සිතුවිල්ලක් පහල වෙන්න ඇත්තෙ. ඔයා පවු.....
මෙයාගේ කට වහන්න පියවර NPP එකෙන් නොගත්තොත් NPP එකත් පච වෙනවා
තිස්ස කුට්ටිගෙ නෑයෙක්. වගෙ පේන්නෙ
මෙයා හිතන්නේ රටේ සියලු දෙනා අරවින්ද මොනරෙලා, චතුරිලා, ගමේ එකාලා, බද්රානිලා වැනි මාරි මෝඩ හෝදන්නන් රැලක් ලෙසයි. කියන ගල් පැලෙන බොරු සියල්ල විස්වාස කරමින් හුරේ දාන...!