(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එක්වූ එයාර් බස් A330 - 200 නවතම ගුවන් යානය අද උදේ කොළඹ අහසේ පහළ සීමාවේ සැරි සැරුවේය.
නව ගුවන් යානය කොළඹ නගරය හරහා අඩි දහසක් පමණ පහළ සීමාවෙන් පියාසර කොට කටුනායක ගුවන්තොටට පැමිණියේය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පියාසර කරලා පෙන්නුවට මදි . ආයතනය ලාභ ලබන එකක් බවට හරවන්න.
ලාබ ලබන්නේ කොහොමද වැඩි කුලියට අලුත් යානා ගෙනැල්ලා තියන ඒවා මදිවට
ශ්‍රී ලන්කන් එක ලාභ ලබන්න නම් පරිපාලනය කෙටි කලකට හෝ අනිවාර්යයෙන් පුද්ගලික අංශයට පවරන්න ඕනේ , එහෙම නැතිනම් ගුවන් මෙහෙයුම් වලින් ඇත්වෙලා ගොඩබිම මෙහෙයුම් කටයුතු පමණක් කරන්න ඕනේ , 2008 සිට 2024 අවසානය දක්වා ලබාපු පාඩුව ඩොලර් මිලියන 1075 , එම මුදලින් පුළුවන්කම තිබුන කොළඹ නගරේ පුරාම ආවරණය වෙන ආකාරයට සැහැල්ලු දුම්රිය පධතියක් හදාගන්න , එහෙම නැතිනම් ලංගමට බස් ගෙනවානම් අපේ ප්‍රවාහන ප්‍රශ්නේ විසදිලා , පොදු ප්‍රවාහනේ දුර්වල නිසා ජනතාව කොපමණ දුකක් විදිනවාද ? මේක ජාතික සම්පතක් නොව අපේ ඔලුවට වැටුන කටු ඔටුන්නක් , මොන පාලකයා ආවත් මේක වහල දමන්න කැමති නැහැ , ඔවුන් කරන හොරකම් එළිවෙන්නේ වසර 5-6 ගියාට පස්සේ කෝප් කමිටුවේදී , එතකොට වෙන්න ඕනේ දේ වෙලා ඉවරය , මොහොතකට කලපනා කරන්න , අපේ බදු සල්ලි නාස්තිකාර සෝබන වැඩ වලට වියදම් කරන පාලකයන්ට පක්ෂ , පාට නොබලා විරෝධය පල කරන්න,
ලෝකෙට පරකාසේ - ගෙදරට මරගාතේ - මෝඩ චූන් නැතිව අඩුම තරමෙ වැඩ කරන උන්ට හරි හමන් පඩියක් දෙන්න
අපේ පරන සැට් එක හිටියනම් බොලේ මේකෙනුත් හොඳ මාටියා පාරක් ගහනවා. හොද වෙලාවට කට්ටිය දැන් වැලිකඩ පාරේ.
විනාඩියට ලක්ෂ ගණන් සල්ලි පුච්චන මකර කට!
මිහින් ලංකා වගේ නොවෙන්න කියා පතමු...!
ගොඩයන්ට මැජික් කියන්නේ මේවට තමයි. අනුන් හදපු එකක් අපි අරගෙන සල්ලි කකා ... වට ගහනවා. ලෝකයේ අනිත් මිනිස්සු... මේ ලෝකයෙනුත් එහාට මිනිස්සු නැති යානාවල් යවනවා...
කොමිස් එක කීයද ?
නැව ගිලෙනවා. ඒ වුනාට බෑන්ඩ් එක ගිඩිගෑවිල්ලේ චූන් ගහනවා. හරි ආඩම්බරයි.. අනේද කියන්නේ...?
තඹුත්තේගම අන්දරේට, පාර්ලිමේන්තුවේ මංගල සැසිය ආරම්භ කරන කොට ජයමංගල ගාථා කියන්න සල්ලි නැතිවුණාට, අවුරුද්දකට රුපියල් බිලියන 25කට වඩා පාඩු ලබන ශ්‍රී ලන්කන් එයාර් සුදු අලියාගේ තවත් සල්ලි කාබාසිනියා කරන අටමගලකට වතුර ගහලා නාවලා පිලිගන්නයි, කටුනායක ඉඳන් පානදුර වෙනකන්, ඉන්ධන නාස්තිකර කර රවුම් ගහන්නයි සල්ලි තියනවා ! කවුද එහෙම කරන්න කිව්වේ? ශ්‍රී ලන්කන් එයාර් එකේ වැඩ කරන පුතාද? සාදු කාරයක් දෙන්න මාලිමා දායක සභාව !
සාපෙ වත් නැති සිරිලියගේ මල්ලිව සභාපති කරලා පවුල් පිටින් පිනට රට සවාරි ගිහින් ඕක පාඩු කරලා දැන් ඉරිසියාවේ දඟලන්න එපා... 2029 නෝ චාන්ස්... !
රාත්‍රී 8න් පස්සේ පාරවල් වල බස් නැහැ. පොදු ප්‍රවාහන සේවය දියුණු කරන්න. එහෙම නැතිනම් කුඩා යතුරුපැදි වලට ගහන තීරුබදු අඩු කරන්න. ත්‍රිරෝද රථයටත් 130 % බදු ගහලා, මේ මගුල් ගෙනාවා කියලා පුරවැසි අපට ඇති සෙතක් නැහැ. කරුණාකර පොඩි මිනිහා ගැන බලන්න.. නැතිනම් පළාත්සභා චන්දෙදී ඔය ගොල්ලන් පරදිනවා.
මේ එයාර් බස් එක 2011 අවුරුද්දේදී නිෂ්පාදනය කරලා තියෙන්නේ, වසර 14ක් පැරැණි ගුවන් යානයක් ශ්‍රී ලංකන් ගුවන් සේවයට එක්කර ගත්තේ ඇයි පාඩු ලබද්දී...?
ලැජ්ජා නැද්ද වසර 14 පරණ ගුවන්යානයක් කල්බදු ක්‍රමයට ගෙනාවා කියලා ඔච්චර උඩ පනින්න... සින්ගප්පූරු යන්න ගිහින් මගදී කැඩිලා ඉන්දුනීසියාවට ගොඩ බැස්සේ මේ ගුවන් යානයද?