(බී.ජී. චතුරංග)

අනුරාධපුර පූජා නගරයට පිවිසෙන බණ්ඩාරනායක මාවතේ පිහිටි ඉසුරුමුණිය ඔරලෝසු කණුව වටරවුමේදී අද ( 15) උදෑසන සිදුවූ මාරක රිය අනතුරකින් තරුණයන්  දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොළොන්නරුව, විජයබා මාවතේ සහ අනුරාධපුර, පවිත්‍රපුර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.

අනතුර  අනතුරින් ගැබිණි කාන්තාව බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඇය මේ වන විට එහි ප්‍රතිකාර ලබමින් සිටියි.