
(අංජුල මහික වීරරත්න)
අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය - 2026 ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා මාර්ගගතව අයැදුම්පත් කැඳවීම අරඹා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.
එම අයැදුම්පත් ජූලි 14 සිට 28 දක්වා යොමු කළ හැකි අතර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ https://onlineexams.gov.lk/eic සබැඳිය වෙත පිවිස මාර්ගගතව අයදුම්පත් යොමු කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව කියයි.
0112784208,0112784537,0112785922 දුරකථන අංක වලින් හෝ [email protected] විද්‍යුත් තැපෑලෙන් වැඩිදුර තොරතුරු දැනගත හැකි බවද විභාග දෙපාර්තමේන්තුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd