
(අංජුල මහික වීරරත්න)
අධිකරණයට අත නොතියා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස විපක්ෂ නායක මහතා පැවැසීය.
විධායකය, ව්‍යවස්ථාදායකය , අධිකරණය යන ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමේ කුළුණු තුනෙන් අධිකරණය ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරන බව කී විපක්ෂ නායකවරයා ඊට අමතරව ස්වාධීන මාධ්‍ය සහ සිවිල් සමාජ පුරවැසියන් තවත් අමතර වැදගත් කුළුණු දෙකක් බව කීය.
මෙවැනි තත්ත්වයක් තිබිය දී වර්තමානයේ රජය අධිකරණයට බලපෑම් කරමින් උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස වැඩි කිරීමට සේම උපරිමාධිකරණ වල විනිසුරුවරුන්ගේ පුරප්පාඩු සම්පූර්ණ නොකරමින් විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වයට දැවැන්ත බලපෑමක් එල්ල කරමින් සිටින්නේ යැයිද ප්‍රේමදාස මහතා පැවැසීය.
ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසන්නට රජය දරන උත්සාහය පිළිකුල් සහගත ව ප්‍රතික්ෂේප කරන බවද සජිත් ප්‍රේමදාස මහතා කීය.
සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීවේ කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා
මොකක් හරි අල්ලා ගන්නවා, එල්ලෙන්න වැලේ වැල් නැහැ.