
(අංජුල මහික වීරරත්න)
විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥා පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අත්අඩංගුවේ පවතින අන්තරායකර ඖෂධ බැහැර කිරීම සඳහා මෙන්ම ඉදිරියේදී අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රියාපටිපාටිය ද ඇතුළත්ව, සාක්ෂි සඳහා ආදර්ශක සාම්පලයක් පමණක් රඳවා ගැනීමෙන් අනතුරුව නඩු විභාගය අවසන් වීමට පෙර අත්අඩංගුවේ පවතින මත්ද්‍රව්‍ය බැහැර කිරීම පිණිස නීති හඳුන්වා දීම සඳහා යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට 2026-01-12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත් කිරීමට අනුමැතිය ලබා දී ඇත.
එම කමිටුව විසින් සියලු පාර්ශ්වයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සහතික කරමින් එවැනි මත්ද්‍රව්‍ය කඩිනමින් විනාශ කිරීම සඳහා පහසුකම් සැලසීම පිණිස (218 වන අධිකාරය වූ) විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥාපනතේ 77 අ වගන්තිය සඳහා හඳුනාගෙන ඇති සංශෝධන ඇතුළත් කරමින්, නීති කෙටුම්පත් සම්පාදක විසින් මූලික පනත් කෙටුම්පතක් සකස් කරනු ලැබ තිබේ.
ඒ අනුව, එකී ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වන අවසන් පනත් කෙටුම්පත භාෂාත්‍රයෙන් සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd