
(ප්‍රදීප් කුමාර)
නාවික හමුදාව යාපනය ඩෙල්ෆ් දුපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු කලාපය තුළ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුව ධිවර කටයුතු වල නිරත වූ ඉන්දියානු ධිවර යාත්‍රා 03 ක් හා ඉන්දියානු ධිවරයින් 22 ක් අත්අඩංගුවට ගත බව නාවික හමුදාව කියයි.
විදේශීය ධිවර යාත්‍රා මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධිවර ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව සිදු කරනු ලබන මෙහෙයුම් වල ප්‍රතිඵලයක් ලෙස මෙම ඉන්දියානු යාත්‍රා සමඟ ධිවරයින් පිරිස මෙසේ අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
එහිදී මෙම යාත්‍රා හා ධිවරයින් මෙරට නාවික හමුදා අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන් කන්කසන්තුරේ වරායට රැගෙනවිත් ඉදිරි නීතිමය කටයුතු සදහා මයිලඩි ධිවර පරීක්ෂක කාර්යයාලයට භාරදීමට නාවික හමුදාව කටයුතු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් අපේ මූදට රින්ගලා අපේ මත්ස්‍ය තොග පිටින් හොරකම් කරනවා. නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න ඕනේ... අපේ ධීවරයින් බුදි...
ඉන්දීය විදේශ ඇමති ලංකාවට ආපු වෙලාවේ රටේ ඉන්න තරමක් දෙමළ නායකයෝ තකහනියේ කඩිමුඩියේ පොරකාගෙන රොත්ත පිටින් ගිහින් ඔහු එක්ක කතා කලේ 13 ගැනයි පොලිස් බලේ ගැනයි ඉඩම් ගැනයි. කවුද මාධ්‍ය වේදියෙක් ඇහුවා උතුරේ ධීවරයින්ට අයිති මාළුටික ඉන්දීය ධීවරයෝ අල්ලන් යන එක ගැන කතා කළාද කියලා. බැලුවාම කවුරුවත් නැහැ ඒක ගැන කතා කරලා. ඔක්කෝම අය කිව්වේ නැහැ නැහැ කියලා. ඔන්න උතුරේ විතරක් නෙවෙයි, දකුණේ ජනතාවටත් පාඩමක් මේ රටේ දේශපාලකයෝ කියන්නේ කවුද කියලා දැනගන්න. මිනිස්සු නිකම් මුන් පස්සේ දුවනවා විතරයි...