( ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මාර්ග නීති කඩමින් රට පුරා එක් එක්කෙනාට හිතුමතේ මාර්ගයේ කඩ දැමීමට ඉඩ දිය නොහැකි බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඇමති බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ මත්තේගොඩ බෞද්ධ මධ්‍යස්ථානයේ (07) දා පැවති ආගමික කටයුත්තකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
තලවතුගොඩ කිඹුලාවල හන්දියේ මාර්ගයේ වෙළඳසැල් පවත්වාගෙන යාමට කිසිවකුටත් අවසර දීල නෑ.. ඔවුන් වෙළඳසැල් පවත්වාගෙන යන්නේ මාර්ග නීති උල්ලංඝනය කරමින්.ඒ නිසා මේ වෙළඳසැල් සියල්ල ඉවත් කළ යුතුයි.
මේ විදිහට කඩදාන්න හැමෝටම අවසර දුන්නොත් රට පුරා මාර්ගවල වෙළඳසැල් ආරම්භ කරාවි. ඒ නිසා මාර්ග නීති උල්ලංඝනය කරමින් කිසිම කෙනෙකුට මේ විදියට වෙළද සැල් පවත්වාගෙන යාමට අවසර දෙන්න බැහැ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ හරි .පිටකොටුව දැන් ආපහු අපායක් වෙලා
මේක ක්‍රියාත්මක කෙරුවොත් ඉතාම හොද දෙයක්. ගොඩක් රිය අනතුරු වලට හේතුව පදික වෙලෙන්දන් සහ අනවසර ඉදිකිරීම්. මිට කලින් මංගල සමරවීර ඇමතිවරයාත් මෙය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරත් දේශපාලන මැදිහත් වීම් නිසා අඩාල වුනා.
ඔයා ඇමති නේද? කියා කියා ඉන්නේ නැතුව කරලා පෙන්නන්නකො ..... තොත්ත බබා.!
ඔබතුමාගේ පුතාට වගේ හැමෝටම අක්කර 50-60 ලැබෙන්නේ නෑ ඇමතිතුමා
අනවසර වැඩ කරන ඔක්කෝටම දඬුවම් දෙන්න..
මෙයා ඊළඟට කියනවා මම ඉල්ලා අස්වෙනවා කියලා.
ඔය කතාව තලවතුගොඩට විතරක් නොවේ, ලංකාවේ A ශ්‍රේණියේ පාරවල් වල ඉඳලා හැම එකකටම අදාලයි. ගොඩක් පාරවල් වල අයිනේ කඩ දාලා, වන්දනාවේ යන මිනිස්සුයි හැමෝම නවත්ත නවත්ත පාරේ ඉඳන් බඩු ගන්නවා. යාන වාහනයකට යන්න ඉඩක් නැහැ.
ඇත්තටම මේවා නිසා පදිකයින්ට ඉමහත් කරදරයක් වෙනවා ඒ මිනිස්සු මුදලක් අයකර අවසර දෙන්න කියනවා එහෙම කලොත් එවුන්ලා ඒ ඒ තැන් උන්ගෙ බූදලයක් ලෙසට සලකන නිසා ජනතාවට ලොකු කරදරයක් වෙනවා එනිසා ලංකාවේ සෑම තැනකම තියෙන මේවා සම්පූර්ණයෙන්ම ඉවත්කිරීමට කටයුතු කල යුතුය ඒවගේම පදිකය තුල වෙළදාම යතුරු පැදි නැවතීම ,පදිකයේ ත්‍රීවීලර් නැවතීම නිසා පදිකයින්ට මහාමාර්ගයේ මැදින් යාමට සිදුවිම ,මාර්ග හංදියේම ත්‍රීවීලර් නවතා තැබීම බස් නැවතුමේ වෙනත් වාහන නවතා තැබීම සිදුවෙනවා ඒවාත් ඉවත්කර මාර්ග බාධක නැතිකරන්න ඕන එමෙන්ම ධනරින තුමාගේ ආසනයේ ප්‍රධාන නගරයේ කාණු නැතුව මාර්ගය සකසා තිබීම නිසා වැසි අවස්ථාවල වාහන ගමනාගමනය ඉතාමත් අපහසු වෙනවා එනිසා අනුන්ගේ දේවල් කරන්න පළමුවෙන්ම තමන්ගෙ ප්‍රදේශයේ අඩුපාඩු හැදුවාම වඩාත් හොදයි නේද මැතිතුමා
මෙවැනි නීති විරෝධී වැඩවලට ඉඩදීලා කාලයක් බලාගෙන හිටියම ඒවා ඉවත්කරගන්න බෑ. මිනිසුන් වැරදි වැඩේ සාධාරණීය කරන්න මානව හිමිකම් යනවා. සටන් කරනවා. රටතළ නීතියක් නිතරම ක්‍රියාත්මක ව තිබිය යුතුයි . විනයක් හැදෙන්නෙ නෑ එහෙම නැතිව.
ඉතාම හොඳයි. කෝටි ගණන් පොදු මහජන මුදල් වියදම් කරලා මාර්ග, පදික වේදිකා හදලා ඒවා අවහිර කරන්න කිසි කෙනෙකුට ඉඩදිය යුතු නැහැ. මෙතුමගේ ආසනය වන හෝමාගම, වටරැක දුම්රිය ස්ථානය සමග ඇති මාදුලාව මහා මාර්ගය අවහිර කරමින් සාදාඇති පෙට්ටිකඩ ටික අයින් කරන්න.
අවසරලත් තක්කඩි වෙළෙන්දන්ට රජයේ සහ දේශපාලකයන්ගේ අනුග්‍රහය...
පදික වෙළෙඳුන් වැඩි වුනේ පාලනාධිකාරිය හොඳටම කරපු නිසා. Benz, prius car 1 තියන් පොල් විකුණන්න, මයියොක්කා විකුණන්න වුනේ. එදා වේල පිරිමසා ගත්තු මිනිස්සු පාරට වැටුණු හේතුවකුත් ඇතිව... ඒ මිනිස්සුන්ගෙන් නගර සභා, මහා නගර සභා, ප්‍රාදේශීය සභා, විදුලිබල මණ්ඩලය, ජල මණ්ඩලය, බිල් නම් ගන්නවානේ. එතකොට ඒවා අනවසර ඉදිකිරීම් කියලා පේන්නේ නැතිද? කවුද එතකොට ඒවා වලට විදුලිය, ජලය දෙනකොට කොහොමද ඒවා අනවසර ඉදිකිරීම් කියලා සටහන් නොවුණේ... ආපු බලධාරීන්ගේ ඇස් අන්ධ වෙලාද? මොවුන් එදා ඉඳන් කරේ දුප්පත් මනුස්සයාට කෙළවරක් නැතිව tax ගහලා ඔවුන් රජ සැප විඳපු එක. යථාර්ථය අවබෝධ කරගන්න. ඔය කොළපාට, නිල්පාට, රතුපාට ඔය කවුරුත් අපේ දරුවන්ට අනාගතයක් හදන්නේ නෑ. ඔවුන්ගේ දරුවන්ට අනාගතයක් හදනවා මිසක්...
සර්... කාලය, දේශය බලලා වැඩේ කරන්න... මේ කාලේ ඕවා කරන්න අප මොකද අසරණ මිනිස්සු කීයක් හරි හොයාගන්නේ ඔතැන ඉඳලා නෑ... 2048 වෙනකම් එන්න දෙන්න...
තලවතුගොඩ මාදිවෙල පාර සුද්දකර දෙන්න...!