(කුෂාන් ජයවර්ධන)
ගල්කිරියාලම උදුරව දකුණ බොබැල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක් පසුපස පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කළ බවට සැක පිට පුද්ගලයින් 5 දෙනෙකු ගල්කිරියාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් ඊයේ (25) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංක 119 ඔස්සේ ලද තොරතුරකට අනුව ගල්කිරියාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් අදාළ මෙහෙයෙුම සිදුකර සැකකරුවන් හා නඩුභාණ්ඩ අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත් පිරිස අතර අනවසර කැනීම සිදුකර ඇති ගෙවත්තේ හා නිවසේ හිමිකරුද වේ. සැකකරුවෝ ගල්කිරියාගම උඳුරව දකුණ හා කැකිරාව සමගිගම ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
ඔවුහු වයස අවුරුදු 63, 37, 32, 21 යන වයස්වල පසුවන්නෝ වෙති.
සැකකරුවන් අදාළ නිවසට යාබදව එහි පසුපසු අඩි 10ක පමණ වන අනවසර කැණීමක් සිදුකර ඇති අතර එහි තිබූ කලුගලක්ද වෙඩි දමා කඩා ඉවත් කර තිබේ. සැකකරුවන් අදාළ කැණීම සිදුකිරීමට යොදාගත් උදලු, අලවංගු, ගල්කටු, විදුම් යන්ත්‍ර, විදුලි වයර්, වෙඩිබෙහෙත් ඇතුලු නඩුභාණ්ඩ රැසක්ද සිදුකළ වැටලීමේදී පොලිස් භාරයට ගෙන තිබිණි.
අත්අඩංගුවට පත් සැකකරුවන් හා නඩු භාණ්ඩ අද (26) කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ නිවසේ මෙහෙම කැණීමක් කරන්න ඕනෑ නම් කිසිම ගැටළුවක් නැතිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ භූ විද්‍යා සහ පතල් කැනීම් ආයතනයේ අවසරය රැගෙන නීත්‍යානුකූලව කරන්න පුළුවන්. ඒ වගේම මෙහිදී පුරාවස්තු ලැබුණත් ඒවා අවශ්‍ය නම් විදෙස් රටවලට පවා විකුණන්නත් පුළුවන් අදාල අවසරය රැගෙන... මිනිස්සු නීතිය දන්නෙත් නැහැ. පොලිසිය නීතිය දන්නෙත් නැහැ.
එතකොට පුරාවස්තු ඩෝසර් කරන අයට කෝ දඬුවම් ? හැම තැනම අහිංසකය පෑගෙනවා. රටකට ගිය කලක්.
එක්තරා කලෙක නම් රටේ සියලු ඉඩම් මහාරාජිනියට අයිතියි කියල තිබුන තමයි. නමුත් දැන් මේ නිදහස ලබාගත්තු රටේ ඉඩම් අයිති පොලිසියටද?
වැසිකිලි වලක් කපන්න ගිහින් වෙච්ච දෙයක්...!
දැන්ම තියෙන දෙයක් ගොඩ දාගන්න. අරයා ආවොත්...