IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අනුරාධපුරයේ සිරකරුට දුන් සමාව ඔහුට පමණක් දුන් සමාවක් නොවෙයි

(යොහාන් භාසුර)

අනුරාධපුර මහාධිකරණයේ නියෝගයෙන් සිරගත කර සිටියදී පොදුසමාව ලැබූ විජේකෝන් මුදියන්සේලාගේ අතුල තිලකරත්න හෙවත් ඩබ්ලිව්. එම්. අතුල තිලකරත්න යන සිරකරු ලැබූ සමාව කිසිසේත් එම පුද්ගලයා කේන්ද්‍රකරගෙන සිදුවූවත් නොවන බවත් එය පොදුවේ සිරකරුවන් උදෙසා පිරිනැමූ සමාවක් බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

පසුගිය මැයි මස 12 වැනි දිනට යෙදී තිබූ වෙසක් පොහොය වෙනුවෙන් මැයි මස 5 වැනිදා වන විට බන්ධනාගාරගතව සිටි රැදවියන් සඳහා වෙසක් පොදු සමාව පිරිනැමීමේ කොන්දේසිවලට යටත්ව ක්‍රියාත්මක කළ බවත් එම සිරකරු ද ගෙවීමට තිබෙන දඩ මුදල් අහෝසි වීම මත නිදහස් රිමාන්ඩ් සිටි අතර මීට අමතරව පැවති නඩුවට ඇප අත්සන් කළ බවට නියෝගය අනූව ගරු මහාධිකරණයට ඉදිරිපත් කර මුදාහැරි බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

අනුරාධපුර මහාධිකරණය විජේකෝන් මුදියන්සේලාගේ අතුල තිලකරත්න (ඩබ්ලිව්. එම්. අතුල තිලකරත්න) යන සිරකරු බන්ධනාගර ගත කර ඇත්තේ ලංකා දණ්ඩනීතී සංග්‍රහයේ 386 වගන්තිය උල්ලංගනය කිරීම හේතුවෙන් බවත් ගෙවීමට නියම කර ඇති මුදල වන රුපියල් ලක්ෂ 20ක වන්දි මුදල දඩයක් ලෙස ගෙවන ලෙස අධිකරණය නියමකර ඇති අතර එම දඩය නොගෙවන්නේ නම්  මාස 6 ක බරපතල වැඩ සහිතව සිර දඩුවම් නියම කර ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා වැඩි දුරටත් සඳහන් කරයි. 



අදහස් (20)

අනුරාධපුරයේ සිරකරුට දුන් සමාව ඔහුට පමණක් දුන් සමාවක් නොවෙයි

PGPTHILAK Friday, 06 June 2025 09:43 PM

මූල්‍ය වංචා කරුවෙක්ට පොදු සමාවක් දීමෙන් අනුර ජනාධිපතිවරයා ගැන. මහජන විශ්වාසය ක්ෂනිකව බිඳ වැටුණා! මේවා දූෂිත නිලධාරින් කරන වැඩ වෙන්න පුලුවන්...! නමුත් මෙම වැරැද්ද වහාම රජය නිවැරැදි කළයුතුයි..! දූෂිත නිලධාරීන් හඳුනා ගෙන දඩුවම් දිය යුතුමයි..!

:       6       56

WijeSaturday, 07 June 2025 09:06 PM

අනුර කියන්නේ කව්ද කියලා තව ඉස්සරහට දැන ගන්න පුළුවන් වේවි. තමන්ගේ ගජමිතුරා තිස්ස වර්ණසූරිය කරපු කෝටි 13 පොහොර වංචාව ගැන සද්ද නෑ...!

:       16       12

Krishan Friday, 06 June 2025 10:29 PM

මරුනේ ලක්ෂ විස්ස ගෙව්වෙත් නැහැ මාස හයයි සිරදඩුවම එක බන්ධනාගාර කාලයෙන් මාස හතරයි දින දහයයි එකෙන් මාස හතරක කාලය අඩුව දින දහයක් ඇතුලේ ඉඳලා නිදහස් වුණා. මරු නීතිය රුපියල් දහදාහක් නම් කමක් නැහැ. ලක්ෂ විස්සකට ඔය විදියට බැලුවාම මිනිස්සු බයක් නැතිව වංචා කරනවා... උපරිම සමාව නොලැබුවත් මාස හතරයි දින 10 නිසා මේ ක්‍රමය වෙනස් කළයුතුයි. දඬුවම් දෙන්න ඕනෑ සමාජයට ආදර්ශයක් වෙන්නයි පහසුවෙන් ගැලවිය නොහැකි බව දැන්වීමටයි මේකෙන් පෙන්වන්නේ ඒකේ අනිත් පැත්ත පහසුවෙන් ගැලවිය හැකි බවයි...

:       4       122

ගුණරත්න Friday, 06 June 2025 10:36 PM

පොල් ගෙඩියක් ඉස්සුවත් හිරේ වැටෙන රටේ ලක්ෂ ගාණක වංචාවක් කරලා ජනාධිපති නිදහස ගන්න සාමාන්‍ය මනුස්සයෙක්ට පුළුවන්ද?

:       4       108

Toni Saturday, 07 June 2025 12:52 AM

දීකිරට බළල්ලුත් සාක්ෂි...

:       0       28

Saba Warsha Saturday, 07 June 2025 05:31 AM

මතක තියාගන්න අනුර කුමාර ජනාධිපති කෙරුවා නම් ඔය මුකුත් නැහැ...

:       6       28

ranjith Saturday, 07 June 2025 06:37 AM

ඔහුව ඉලක්ක කරගෙන දුන් සමාවක් නොවේ තමයි. එහෙනම් තව බරපතල අපරාධකාරයෝ නිදහස් කරලා ඔහුව ඉලක්ක කරගෙන දුන් සමාවක් නොවේ කියන්නත් පුළුවන්නේ...

:       1       20

චන්දිම Saturday, 07 June 2025 07:26 AM

මෙයා කියන දේ සහ යතාර්තය අතර ලොකු වෙනසක් ඇති බැව් බැලූ බැල්මට පේනවා. ඒ වගේම කාගේ හෝ බලපෑමට මෙයා කට ඇරිය බවත් පේනවා. මේ සිරකරු තබුත්තේගමද? මහාධිකරණයෙන් දඩුවම් දීපු තවත් චෝදනා ගණනක් තියන කෙනෙක් කොහොමද ජනාධිපති සමාව ගන්නේ? මට හිතෙන්නේ අනිත් සියල්ලම වගේ වෙනසක් නෑ. නොකරනවා කිව්ව හැමදේම කරනවා.

:       5       24

ලුම්බිණි Saturday, 07 June 2025 09:04 AM

මෙතැන මොකක් හරි අවුලක් තිබෙනවා.

:       0       25

Rashmi Saturday, 07 June 2025 09:35 AM

තඹුත්තේගම කයිවාරුකාරයාගේ චක්ගෝලයෙක් වෙන්න ඇති...

:       14       24

යෝගා Saturday, 07 June 2025 10:19 AM

පැලවත්තේ අපි කවදත් වැඩක් කලේ කුට්ටියේ හැටියටයි හලෝ. නිකම් බොරු ප්‍රකාශ කරලා අමාරුවේ වැටෙන්න එපා නිලධාරිතුමා.

:       7       28

prasanna Saturday, 07 June 2025 10:31 AM

පුද්ගලීකරණයට ලක්වෙලා...

:       0       17

කසුන් Saturday, 07 June 2025 11:35 AM

තරු පටි වෙනුවෙන් කඩේ යනවාට වඩා හොඳයි හිඟා කනවා...

:       0       26

ඉන්දික බි Saturday, 07 June 2025 12:18 PM

මෙයාට කීයක් ලැබුණාද දන්නේ නැහැ රෙකමදාරුවට...

:       1       27

Tissa senanayake Saturday, 07 June 2025 01:21 PM

ඔය කියන හැටියට ඉතින් සමාව දෙන්න ඕනැ කෙනා කේන්ද්‍ර නොකරගෙන වෙසක් එකට පොදු සමාවක් දීලා තමන්ට ඕනෑ කෙනෙක්ට සමාව දෙන්න පුළුවන්නේ...

:       1       20

ඉන්ඩිගෝ බී Saturday, 07 June 2025 06:18 PM

එතකොට මේ මනුස්සයාට සමාව දුන්නේ නැහැ කියලා දැන් කියන්නේ කොහොමද...? මෙයා කියනවානේ ඒ මනුස්සයාට සමස්ව දුන්නා කියලා.. මරු හොඳයි..

:       0       20

ජගත් Saturday, 07 June 2025 09:32 PM

ජනපතිව මඩ ගහන්න රාජපක්ෂලා රජ්‍ය නිලධාරීන් ඉත්තන්ට ගන්න සල්ලි පෙරේතයෝ ඇම ගිලලා මුළු ආත්මේම විඳවනවා..!! කුම්බලා මාලු කෑවා නම් විඳවපන් කීවාලු...!! දැන් කුණු හදන්න හදලා වැඩක් නෑ...!!!

:       4       2

විශ්ව Sunday, 08 June 2025 12:24 AM

මේක කතාවක්ද නැතිනම් සත්‍ය සිදුවීමක්ද? මෙය සත්‍ය සිදුවීමක් නම් නින්දා සහගතයි, ලැජ්ජා සහගතයි, අසික්කිතයි. මාලිමා රජයේ අපේක්ෂාවන්, කළ කී දෑ, නා නා ප්‍රකාර කියුම්, පැවැති රජයන්ට කළ දෝෂාරෝපණ වලට ගැලපෙන්නේ නැත. කරුණු කාරනා සිදුවන්නේ මෙසේ නම්, අපට සිතා ගන්නට වන්නේ මාලිමා රජයේත්, පැවැති රජයන්ගේත් කිසිඳු වෙනසක් නොමැති බවයි. ක්‍රමයෙන් පැරැණි තත්වයට ළඟා වෙමින් තිබෙනවා යන්නයි. අනුර කුමාර දිසානායක මහතා වෙත අපගේ බලවත් අප්‍රසාදය. සිරිසේන ජනපති ජයමහට දුන් සමාව දී ආපසු හැරවූවාසේ මෙහිදීත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළොත්, දැනගත හැකි කලේ හරි දේද කියලා...

:       2       6

දර්ශන Sunday, 08 June 2025 06:37 AM

ඔය නිදහස් කරපු ලිස්ට් එකම චෙක් කරන්න ඕනෑ... බන්ධනාගාර ඩීල් තව ඇති...!

:       0       10

Kamal Koyrala Sunday, 08 June 2025 02:34 PM

මෙතුමාට අනුව අජිත් පෙරේරා පාර්ලිමේන්තුවේ කිව්වේ බොරු නම් බන්ධනාගාරය ගන්න පියවර මොකක්ද? බන්ධනාගාර කීර්ති නාමයට කැළලක් වුණා එහෙම කියලා.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31336 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13555 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 122 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 951 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site