IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අනුරාධපුරයේ සෝයා බෝංචි මුළු අස්වැන්නම මිලදී ගනී

(අංජුල මහික වීරරත්න)

සෝයා බෝංචි අස්වැන්න කිලෝග්‍රෑම් ලක්ෂ පහක් අලෙවි කර ගැනීමට නොහැකිව සිටි අනුරාධපුර සෝයා  බෝංචි  ගොවීන්ගේ මුලු අස්වැන්නම මිල දී ගැනීමට ආහාර ප්‍රවර්ධන මණ්ඩලය තීරණය කර තිබේ.

මෙම ගොවීන් තම අස්වනු සඳහා නිසි මිලක් නොමැති බවට කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණිලි කර තිබිණි. 

මේ සම්බන්ධව අවධානය යොමු කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම සෝයා බෝංචි සමස්ත අස්වැන්නම මිල දී ගැනීමට පියවර ගන්නා ලෙස ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට උපදෙස් දුන්නේය.

ඒ අනුව සෝයා බෝංචි කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 250 බැගින් මිල දී ගැනීමට ආහාර ප්‍රවර්ධන මණ්ඩලය විසින් පියවර ගත් බවත් අනුරාධපුර උපුල්දෙනිය ගබඩාවේ අද දින සිට මිල දී ගැනීම් කටයුතු ආරම්භ කරන බවත් ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති පාලින්ද සාගර මහතා පැවසීය.

සෝයා බෝංචි කිලෝග්‍රෑම් එකක් නිෂ්පාදනය සඳහා රුපියල් 80-110 දක්වා මුදලක් වැය වන අතර රුපියල් 250ක් බැගින් මිල දී ගැනීම නිසා එම ගොවීන්ට ඉහල ආදායමක් හා ලාභයක් ද ලබා දීමට හැකි වන බව ආහාර ප්‍රවර්ධන මණ්ඩලය සදහන් කළේය.

මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ උඳු වගා කළ ගොවීන්ගේ උදු කිලෝග්‍රෑම් එකක් රුපියල් 400ක් බැගින් බීජ සඳහා මිල දී ගන්නා ලෙස මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.



අදහස් (5)

අනුරාධපුරයේ සෝයා බෝංචි මුළු අස්වැන්නම මිලදී ගනී

කිරිපුතා Friday, 06 October 2023 11:07 AM

මේවා මිලදීගෙන ගබඩාවල පුස් කන්න අරින්නේ නැතිව ආහාර නිෂ්පාදනයට සහ අපනයනයට යොමු වී ආහාර ප්‍රවර්ධන මණ්ඩලය ද ලාභ උපයාගනීවි යැයි විශ්වාස කරමු...

:       0       41

Rata Perata Friday, 06 October 2023 12:09 PM

ඇමැතිගේ නම දාන්න ඕන නෑ මේවට... මේ තීරණ ගන්න තමයි අපි පඩිදීලා පත්කරලා තියෙන්නේ. එහෙම නැතිව අර දේපළ 11න් ටිකක් විකුනලා බෝංචි ගත්තානම් කියන්න. අපි සාත්තු කරන්නම්.

:       7       33

සෞභාග්‍යයේ දැක්ම Friday, 06 October 2023 06:27 PM

වර්තමානයේ රජයේ වේවා සංස්ථා හෝ මණ්ඩල නැත්නම් අධිකාරිවල වැඩ කරන්නේ වයින් කරපු බෝනික්කෝ කොටසක් වගේම තමයි. එහෙම නැත්නම් රොබෝවරු කිව්වත් වැරැද්දක් නැහැ කියලා හිතෙනවා මොකද ඔක්කෝමලා දේශපාලුවෙක්ගේ අතින්ම බට්න් එකක් නැත්නම්, සුවිච් එකක් එබුවේ නැත්නම් වැඩක් කරනවා. අඩු ගතියක් පේනවා හැම එකටම ඇඟිල්ලෙන් අනින්නම වෙනවා.

:       0       8

සේනානායක Saturday, 07 October 2023 06:37 AM

සත්ව ආහාර සඳහා මේ වගේ ධාන්‍ය ආනයනය කරනවා. ටොන් ලක්ෂ ගානක්, මට තේරුම් ගන්න බැහැ ඒ ආයතන ඇයි මේ අස්වැන්න නොගන්නේ කියලා..?

:       0       3

don Friday, 06 October 2023 10:21 PM

මේ ආයතනවල සේවකයෝ ඉන්නේ නිකන් පඩිගන්න. ඇමැතිතුමා අවධානය යොමුකරලා අරක කරන්න, මේක කරන්න කිව්වේ නැතිනම් නිකන් බුදියගෙන ඉඳලා පඩිගන්න එක තමයි කරන්නේ. තමන්ම හිතලා වැඩක් කරගන්නේ රේගුවේ, සුරාබදු, පොලිසියේ වගේ සුළු ආයතන ටිකක සේවකයෝ විතරයි...

:       4       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site