(රංජන් කස්තුරි)
අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා වන දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කර දුම්රිය ධාවනය කිරීමේ යෝජනාව ලබන පෝය දිනයේ සිට ක්‍රියාත්මක කරන බව ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු කිසියම් පිරිසක් මැදිහත්ව නතර කර ඇතැයි නීතියට අනුව කටයූතු කර යෝජනාව ක්‍රියාත්මක කරන බවද බන්දුල ගුණවර්ධන මහතා කීය.
මීට පෙරද එම මැර පිරිස ලංගම සේවකයන්ටද ප්‍රහාර එල්ල කර ඇතැයිද ඇමතිවරයා කීය.
අනුරාධපුරයට දුම්රියක් පැමිණි පසුය ත්‍රිරෝද රථ සිය ගණනක් බැතිමතුන්ට හිංසාවන පරිදි ධාවනය කරන අතර ඔවුන්ගෙන් මිහින්තලයට යෑමට රුපියල් 1000ක පමණ මුදලක් අයකරන බවද බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
තමා ඉකුත් සති අන්තයේ අටමස්ථානාධිපති නාහිමියන් බැහැ දැක ඒ පිළිබද සාකච්ඡා කළ බවද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd