
(අංජුල මහික වීරරත්න)
අනුරාධපුර පුලියන්කුළමේ බන්දුල ගොවි මහතා අක්කර භාගයකින් රුපියල් කෝටියක ආදායමක් ලබා ගනිමින් මිරිස් වාර්තාව අලුත් කර තිබේ.
මින් පෙර මිරිස් වගාවෙන් වැඩිම අස්වැන්නක් හා ආදායමක් ලද ගොවීන් දෙදෙනෙක් තිරප්පනේ හා යාපනයෙන් වාර්තා වූ අතර ඔවුන් රුපියල් ලක්ෂ 50ක් හා 60ක් වශයෙන් ආදායම් උපයා තිබූ බව අමාත්‍යාංශය පවසයි.
පුලියන්කුළමේ බන්දුල ගොවි මහතා මේ වනවිට රුපියල් මිලියන 10 ඉක්මවූ ආදායමක් ලබා ඇති අතර ඔහුට දැනට මිරිස් සඳහා ඇති වෙළෙද පොළ මිල ගණන් අනුව අඩුම තරමින් රුපියල් මිලියන 13කවත් ආදායමක් ඉපයීමට හැකියාව තිබෙන බවත් ලබන ජනවාරි මස 14 තෙක් ඔහුට තම මිරිස් වගාවේ අස්වනු නෙලීමට හැකියාව පවතින බවත් අමාත්‍යාංශය පවසයි.
කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ මිරිස් වගාවේ නව තාක්ෂණය භාවිතා කරමින් බන්දුල මහතා පුලියන්කුළම ප්‍රදේශයේ අක්කර භාගයක මිරිස් වගාව ආරම්භ කර තිබේ.

2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අනුරාධපුර ගොවියා ආදායම වාර්තාව අලුත් කරයි
nina Monday, 18 December 2023 01:07 PM
හරිම සතුටුයි.
ගොවි පරපුර Monday, 18 December 2023 01:42 PM
දැන් මේ ගොවි මහත්තයාගෙන් බදු අය කරගන්න හැටි කියන්න.
මෝඩයොMonday, 18 December 2023 03:58 PM
ලංකාවේ ඉන්නේ මෝඩයො කියන්න මේ අදහස ඉතා වැදගත්. බදුගහන්නේ මොනවාටද කියන්නවත් නොදන්න ජහමනයා...!
චින්තක Monday, 18 December 2023 02:19 PM
ඇත්තටම මමත් ඕවා කරන්න හරි කැමැතියි... ඒත් අපි සිටින ප්‍රදේශවල භූමිය එහෙම වැඩ කරන්න කොහොමවත් හොඳ නැහැ.. අපිට වවන්න ඉඩම් තියෙනවා නම් ඕවා කරන්න පුළුවන්... කොහොම වුණත් එම ගොවිරජාට තවතවත් රටේ සමෘද්ධිය ඇතිකිරීමට ශක්තිය ලැබේවා...!
මිරිස් ගොවියෙක් Monday, 18 December 2023 05:17 PM
නටන්න බැරි එකාට පොළොව ඇදයිලු චින්තක...!
wimal Monday, 18 December 2023 03:05 PM
හොඳ වැඩකාරයෙක්, ලස්සනයි වගාව කරල තියන ලස්සන, අනිත් අයටත් හොඳ පාඩමක් අනුන්ගෙ දේවල් විවෙචන නොකර මෙ වගෙ මහන්සි උනොත් දියුණු වෙන්න පුලුවන්.
udaya Monday, 18 December 2023 04:05 PM
මෙව සුරන්ගනා කත. මෙක අහම්බෙන් උන දෙයක්. රු 2000 ට මිරිස් ගනන් ගියාම විතරයි මෙහෙම වෙන්නෙ.
ගමයා Monday, 18 December 2023 10:15 PM
ගෙදර කන්න ගස් පහක් හැදුවා ඒකටත් පිටි මකුණා ගැහුවා.... මේ බලාපල්ලාකෝ.....
පැරකුම් Tuesday, 19 December 2023 03:44 AM
ආදායම අනුව නොව පලදාව අනුව වාර්තා කලොත් වඩා හොද අවබෝධයක් ලැබේ යයි සිතමි ඒ අනුව නිවැරදි සංසන්දනයක් කල හැක.