
(විනීතා එම්. ගමගේ)
මෙරට ඉදි වූ පළමු වැව ලෙස සැලකෙන අනුරාධපුරයේ පිහිටි අභය වැව ලෝක උරුමයක් බවට පත්කිරීමට යුනෙස්කෝ සංවිධානය තීරණය කර ඇත.
ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේදී පණ්ඩුකාභය රජු විසින් අභය වැව ඉදිකරන ලද අතර ඊට පෙර ඉදිවූ වැව් පිළිබඳ වෙනත් රටවලින් වාර්තා වී නැතැයි ශ්‍රී ලංකා යුනෙස්කෝ කාර්යාලයේ මහා ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත මහතා පැවසීය.
ලෝක උරුමයක් බවට පත් කිරීම සඳහා අවශ්‍යතා දහයක් ඇති අතර එයින් එකක් හෝ සම්පූර්ණ කර තිබිය යුතු බවත් අභය වැව ඉන් අවශ්‍යතා හතරක් සපුරා ඇති බවත් ආචාර්ය මීගස්වත්ත මහතා කීය.
අභය වැව ලෝක උරුමයක් කිරීම සඳහා අවශ්‍ය කටයුතු දැනටමත් අවසන් කර ඇතැයි කී යුනෙස්කෝ ශ්‍රී ලංකා කාර්යාලය මහ ලේකම්වරයායි ඒ සඳහා වන අවශ්‍යතා සපුරමින් යැයිද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියවන්නාවේ තියෙන බංග්ලාවත් ලෝක කරුමයක් විදිහට නම් කරන්න...
ඔය ලොකු උරුම වැඩෙන් වෙන්නේ සුද්දාන්ට අපේ රටේ උරුමයට ඇගිලිගහන්න ඉඩ සලසන එක මොන උරුමයක්වත් නැතිව අභය වැව අවුරුදු 2500 ක් තිබුණා නම් දැන් ඕක රකින්න සුද්දෝ ඕනද? යුනික්කෝ කියන්නේ ලෝක උරුම රකින්න ඇතිකරපු එකක් නෙමෙයි එක්සත් ජාතින්ගේ සංවිධානය හසුරුවන්න බලවතුන්ගේ බලල් හස්තයක්
අපේ රටේ දේවල් ලෝක උරුමයක් කරන්න කලින් රටේ මිනිස්සුන්ට උරුම කරන්න. මිට පස්සේ අපිට වතුර ටිකකත් ගන්නත් පිටරට ලොක්කන්ගෙන් අවසර ගන්න වෙයි. බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ
කාලයක් යනකොට මැදමූලනේ උදවියත් ලෝක උරුමයක් කරාවිද කියන්ඩ බැහැ .දැනටමත් පවුලේ උරුමයක් ,පාලනයක් සිද්ද වෙන හැටි රටම දන්නවා.
අභය වැව ලෝක උරුමයක් නොවේ. එය මීගස්වත්තගේ බොරුවක්.