
(අංජුල මහික වීරරත්න)
අනුර ජනාධිපති වෙලා ඉන්න තාක් කල් අර්ජුන් මහේන්ද්‍රන්ගේ මයිලකටවත් හානියක් කරන්නේ නැතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
2025 පළාත් පාලන මැතිවරණය සඳහා හෝමාගම මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම හා ප්‍රාදේශීය සභා අපේක්ෂක කණ්ඩායම හඳුන්වා දීම වෙනුවෙන් හෝමාගම පැවති රැස්වීමේ දී රණවක මහතා මේ බව කීය.
“වෙසක් කාඩ් එකක් ගැහුවා කියලා පියංකර ජයරත්න අල්ලලා තියෙනවා. මහ බැංකු හොරකමේ අර්ජුන මහේන්ද්‍රන් ගේනවා කිව්වට ගෙනාවේ නැහැ. දේශබන්දු අල්ලන්නේ නැහැ. ඔහු පිටිපස්සේ ටිරාන් අලස් ඉන්නවා. අනුර දිසානායක ටිරාන් අලස්ට අත තියන්නෙ නැහැ.
රනිල් වික්‍රමසිංහ වැනි අය විවේචනය කරමින් සිටිනවා වෙනුවට, අල් ජසීරා සිදුවීම වැනි දේ වලින් ප්‍රචාරක වාසිය ලබා ගන්නවා වෙනුවට ආණ්ඩුව කළ යුත්තේ පාර්ලිමේන්තුවේ නිසි පරිදි නීතිරීති සම්පාදනය කොට, චෝදනා කොට වැරදිකරුවන්ට දඬුවම් පැමිණ වීමයි" යනුවෙන් ද පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත. අනුර ඉන්නකම් VFS වීසා වංචාව අල්ලන්නෙත් නෑ. ඇවන්ගාඩ් ගැන කතාවකුත් නෑ. එකට ඩීල් දාපු ගජ මිතුරෝ වුණාම කොහොම විරුද්ධ වෙන්නද?
අපි දන්න විදියට අර්ජුන මහේන්ද්‍රන්ගේ දිවි පවතින තුරා, අනුරගෙන් තබා ශ්‍රී ලාංකික කිසිඳු පුරවැසියකුගෙන් මයිල් කාලකටවත් හානියක් නැහැ...
පක්ෂය හදාගෙන රට ගොඩ දාපන් මහත්තයෝ ඔයාවත්... සජිත් නම් එන්නේ නෑ මේ කපේදී. අපරාදේ සජියාට පොඩ්ඩක් හරි මොලේ තිබ්බා නම් උඹව ජනාධිපති අපේක්ශක කරන්න. ඇත්තම කතාව අද රටට හරි හමන් නායකත්වයක් නෑ. ඔහේ වත් ඒක අරගනින්. නාමල්ලා, සජිත්ලාට කරන්න පුලුවන් කෙං ගෙඩියක් නෑ.
අනුරට මිනිස්සු රැවටුණා. ඒත් තාම ඔවුන් දන්නේ නෑ රැවටුණා කියලා. පුංචි ඡන්දෙත් ඉවර වුණාම තමයි සෙල්ලම් ටික බලාගන්න පුළුවන්. ඒකෙත් උඩ දාගෙන ගිහින් ඡන්දේ දීලා කෙලවා ගනිල්ලා...
මෙයත් අර වජිර වගේ මොනවා හරි මාධ්‍ය ඉදිරියේ දොඩවන්න විතරයි දන්නේ එයා කියන කථාවල මොනවා හරි තර්කයක් පදනමක් තියෙනවද? කියලා හිතලා බලන්න. ගාල්ලට වජිර මහරගමට චම්පික...
හම්මෝ යන්තං ඇති, මං බයේ හිටියේ මයිල් ටිකට අනතුරක් වෙයි කියලා…!
එහෙනම් ඉතිං අපි මෙයාටම ඡන්දේ දෙමු. නේද යෝගා…!
දක්ෂ නායකයෙක්. ඒත් පක්ෂයට මිනිස්සු නෑ. ඒ නිසා ගොඩ යෑමක් පේන්න නැ. ලෝකෙ ගැන, ලංකාවේ දේශපාලනේ ගැන සුපිරි දැනුමක් තියෙනවා. මිනිස්සුන්ට ඕන බොරු කියලා ඔවුන්ව සුරංගනා ලෝකවල තියෙන නායකයෝ. සරලව කියනවා නම් කයිය නායකයෝ...!
පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑ මිනිස්සු එළියේ තියලා, වඳුරෝ ගණන් කරන අය, වඳුරෝ පැන්නාම ලයිට් යන අය. බූරු ඩ්‍රයිවර්ලා තියාගෙන බූරු කරත්ත පදින අය, බල්ලෝ බත් කාපු නිසා හාල් නැති වෙච්චි අය, මාලුන්ට SMS ගහන අය පාර්ලිමේන්තු යැව්වා අපේ දේශීය ගව සම්පත...!
මේ ජාතිවාදි, නායකයින් කියා ගන්නා අය තවම මෝඩ කතා කිය කියා ඉන්නවනේ..!
පාටලී කියන්නේ ජාතික මට්ටමේ නායකයෙක් වෙන්න සුදුසුකම් තියෙන කෙනෙක් නෙවෙයි. විශ්ලේෂණය කරන්න නම් හොඳයි. අමාත්‍යාංශයක් බාර දුන්නොත් නම් හොඳට කරාවි. ඒක නිසා මේ කතා නිකන් හිත සවුත්තු වෙන්න කියන කතා විතරයි.
සාමාන්‍ය ක්‍රමයට පාස්පෝර්ට් එකක් ගන්න ඉල්ලුම්කලොත් අදත් ඉල්ලුම් පත්‍රය භාර දෙන්න මාර්ගස්ථ ක්‍රමයට දිනයක් ලැබෙන්නේ අවම මාසය කට පස්සේ , වැඩි මිලක් ගෙවලා එක්දින ක්‍රමයට ඉල්ලුම්පත් භාර දෙන්න පුළුවන්. පැය 24 පුරාම, පාස්පෝර්ට් නිකුත් කිරීම සමනය තත්වයට තවම පත්වී නැහැ. මිනිස්සු මේ ප්‍රශ්නේ නිසා පසුගිය කලේ ගොඩක් දුක්වින්දා.. ආණ්ඩුව කියන්නේ මේ ප්‍රශ්නේ ඇතිකළේ පසුගිය ආණ්ඩුව කියලා, එක සතයක්, නමුත් පසුගිය කාලේ වීසා සහ පාස්පෝර්ට් ප්‍රශ්නේ ඇතිවුනේ හිටපු ඇමැති කොමිස් ගැසීම සඳහා සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටියෙන් බැහැරව කටයුතු කිරීම නිසා, නමුත් මේ දක්වා ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයක් අරගන්න මාලිමා ආණ්ඩුව කටයුතු කලේ නැහැ.
මේ හාදයත් වරින්වර ඔලුව දාලා ගොං කතාවක් කියලා බූතයෙක් වගේ අතුරුදන් වෙනවා.
මොහුගේ දේශපාලනය ගැන මටත් විවේචන තිබෙනවා. නමුත් පක්ෂ දේශපාලනයෙන් පිටව මොහු අර්ජුන මහේන්ද්‍රන් සහ ටිරාන් අලස් සම්බන්ධයෙන් කරන ප්‍රකාශ ගැන යම්කිසි සත්‍යතාවයක් තිබෙන බව පෙනෙනවා. මම මේ ප්‍රශ්නේ කෙලින්ම යොමු කරන්නේ මහජන ආරක්ෂක ඇමැතිතුමා වන ආනන්ද විජේපාල මහත්මයට අර්ජුන මහේන්ද්‍රන් ඉන්නේ පිටරට කියමුකෝ... නමුත් පසුගිය කලේ මහා අන්දෝලනාත්මක ප්‍රශ්නයක් වුණු වීසා නිකුත් කිරීම විදේශීය සමාගමකට භාර දුන් සිද්ධියට සහ පාස්පෝර්ට් ප්‍රශ්නයට ඍජුවම මූලික වුණු ටිරාන් අලස්ට විරුද්ධව පරීක්ෂණ ආරම්භ නොකරන්නේ, නීතිය ක්‍රියාත්මක නොකරන්නේ කුමන කාරණයක් නිසාද...?
මේ මනුස්සයාට හැකියාවක් තිබුණාට ඉවසීමක් නැතිකම හා උද්දච්ඡ කමම නිසා බලයට එන්නේ නැහැ... නැත්නම් වැඩක් කරන්න පුළුවන් මිනිහෙක්...
අනුර එන්න කලින් හිටපු අය අර්ජුන් මහේන්ද්‍රන්ගේ මයිල් අත ගගානේ හිටියේ...!
මොනවා වුණත් අනුර දිසානායක ජනාධිපති අවිත් මේ ටික දවසට කරපුවැඩ ටික ගැන රටේම ජනතාව හොඳටම දන්නවා. ඒ වගේම එක අගය කරලා කතා කරනවා. පළමු අය වැයෙන්ම එක ඔප්පු වෙනවා.
ඔය බැඳුම්කර වංචාව වෙච්ච රජයේ එයා ඇමතිවරයෙක්. එතකොට මොනවද කලේ? අවුරුදු ගණනාවක් කල් වංචා එමටයි. මුන් හිතන් ඉන්නෙ මේ සීමිත පරීක්ෂණ නිලධාරීන් සමග පරීක්ෂණ ඔක්කොම දවස් සියයකින් ඉවර කරලා වරදකරුවෝ ඔක්කොම දැන් හිර ගෙදරත් ඉන්න ඕනෙ කියලා
අනුන්ගේ මයිල්වලට හානිකරන්න හිතන්නේ විකෘති කාමුකයින් නේද සර්?
වීසා එකට තමුන්ලාම දාපු නඩුවක් තියෙන එකේ තව මොනවා කරන්නද කියන්නේ..?
අනුර නොවේ කවුරු ආවත්, සිංගප්පූරුවෙන් අර්ජුන් මහේන්ද්‍ර දෙන්නේ නෑ. ඒ නිසා හොරෙන් යවපු අය තමයි වගකියන්න ඕනේ.
ඔව් ඔව් උඹ ආවා නම් ගේනවානේ... අනේ නිකං ඉඳපන්... ඊට කලින් ඔයා රෑ දඩාවතේ ගිහිල්ලා එන ගමන් හප්පලා එක්තැන් කරපු කොල්ලාට සාධාරණයක් කරලා ඉන්න...!
චම්පක රණවක හිටපු ආණ්ඩුවේ කාලේ තමයි අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවට වැඩේ දුන්නේ.. වක්‍රව බලනකොට මෙයත් වග කියන්න ඕනෑ. මහ බැංකු මංකොල්ලෙට. දැන් මෙයා බයිලා ගහනවා...
කතාව ඇත්ත. කොහේවත් රටක බයේ හැන්ගිලා ඉන්නේ? ඇඟට අතවත් තියන්න පුළුවන් තැනක ඉන්නවා කියලා කියන්නද?.
ඔය කොල්ල අධි බලැති යතුරුපැදියකින් අධි වේගෙන් ගිහින් වාහනේ පිටිපස්සේ හප්පලා තියෙන්නේ..., ඔය කොල්ලෝ රාත්‍රියට අධිබලැති යතුරුපැදි වලින් රේස්පදිනවා මහ පාරේ..., පාරේ යන අහිංසක මනුස්සයෙක්ගේ හරි පාපැදි කරුවෙකුගේ හරි සාමාන්‍ය යතුරුපැදියකින් යන මනුස්සයෙක්ගේ හරි ඇඟේ පපුව නම් එතැනම මැරෙනවා. පුද්ගලික ප්‍රශ්න දේශපාලනේට ගාව ගන්න එපා. හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන්න එපා.. අර්ජුන මහේන්ද්‍රන්ට, ටිරාන් අලස්ට විරුද්ධව මොකක් හරි කරන්න ඕනේ මාලිමා ආණ්ඩුව දේශපාලන වේදිකාවල පොරොන්දු වුණු විදිහට...
අර්ජුනට සහ දේශබන්දුට කිසිම දෙයක් කරන්නේ නැති එක ලොකු ගැටළුවක්... තමයි.
අනුර නෙවෙයි ඔබ ජනාධිපති උනත් තත්වය ඕකයි. සීයා ගැටේ ගහලා සල්ලි හොරකම් කලේ. හරිනම් දැන් සීයව ගන්නයි ඕනේ. රට ගොඩ ගත්තා ගගා කරපු තරමක් කලේ බලු වැඩ. ඉංග්‍රිසි ටිකක් තොල ගාගෙන කලේ මහ පරුමානේ හොරකම්.
එතකොට රනිල් ජනාධිපති වෙන්නම ඕනද මගුල ඉවරවෙලා එයාට ලංකාවට එන්න කියන්න.
ටිරාන් අලස් වීසා නිකුත් කරන්න විදේශීය සමාගමකට බාරදීලා කොමිස් ගහන්න ගිහින් විශාල අවුලක් වුණා... මේ ප්‍රශ්නය පිළිබඳව විරෝධය පලකළ තරුණ නීතිවේදියෙකුට විරුද්ධව නීතිමය පියවර ගැනීමට පවා එදා ටිරාන් අලස් ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කළා. මේකට එදා මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ලැබුණා. ඉන්පසු පාස්පෝර්ට් නිසි ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටියකින් තොරව නිකුත් කරලා... ඒකෙනුත්කොමිස් ගහපු බවට විශාල සාධාරණ සැකයක් ජනතාව තුල තිබෙනවා , එදා විපක්ෂේ හිටපු සජබ සහ මාලිමාව මේ ප්‍රශ්නේ පිළිබඳව පුන පුනා පාර්ලිමේන්තුවේ කතා කළා. අද බලය ලැබිලා තිබෙනවා. නිසි පරීක්ෂණයක් තවම ඔහුට විරුද්ධව සිද්දවුනේ නැහැ. එම නිසා දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන පාලක පක්ෂය සහ විපක්ෂය යන දෙකම අලස් සමග යටින් ඩිල් එකක් දමලාද කියලා සාධාරණ සැකයක් ජනතාව තුළ තිබෙනවා. එදා මේ ගැන කතාකළ චමුදිත, සුදා, ලාල්, ඇතුළු අනෙකුත් මාධ්‍ය කරුවන්ට පවා මෙම ප්‍රශ්නේ අද අමතක වෙලා...