IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


අනුර අටමස්ථානයට

(බී.ජී. චතුරංග)

ජාතික ජන බලවේගයේ ජනපති ධූර අපක්ෂක කරන අනුර කුමාර දිසානායක මහතා අද (19දා) පස්වරුවේ අමටමස්ථානාධිපති  පල්ලේගම හේමරතන නා හිමියන් බැහැ දැක, අනතුරුව ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය.

ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් රට තුල කැලෑ නීතිය ක්‍රියාත්මක කරමින් පවතින බවය. මෛත්‍රිපාල සිරිසේන, චන්ද්‍රිකා කුමාරතුංගද ඔවුන්ගේ පාලන සමයේ කැලෑ නීති ක්‍රියාත්මක කළ බවත් ජාතික ජන බලවේගයක් යටතේ නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කරන බවද ඒ මහතා පැවසීය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය බවත් සජිත් ප්‍රේමදාස මහතා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ඊයේ දින ප්‍රකාශ නිකුත් කළද, මීට පෙර කිසි දිනක එවන් ප්‍රකාශයක් සිදු කර නැති බවත් මැතිවරණය වෙනුවෙන් එවැනි ලාභ සටන් පාඨ ජාතික ජන බලවේගය තුළ නොමැති බව ද කුමාර දිසානායක මහතා වැඩි දුරටත් පැවසීය.

 



අදහස් (10)

අනුර අටමස්ථානයට

Prabha Tuesday, 20 August 2024 12:31 AM

පන්සල් පල්ලි ගානේ නොගියාට කමක් නෑ. පුළුවන් නම් මේ රට ගොඩනගන්න...

:       0       1

kotiya Tuesday, 20 August 2024 03:28 AM

චන්ද්‍රිකා බලයට ආපු වෙලාවෙත් චන්ද්‍රිකා කිව්වේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා කියලයි. හැබැයි ඒ වෙලාවෙ විකටර් අයිවන් මහත්තයාද කොහෙද කිව්වා චන්ද්‍රිකාටත් විධායක ජනාධිපති ධූරයේ රස දැනුනාම ඕක කරන් නෑ කියලා. අද වෙනකන් විධායක ජනාධිපති ධූරය තියෙනවා. ඒ වගේම අනුරටත් ඕකේ රස දැනුනාම ඕක අහෝසි කරන්න අමතක වෙනවා.

:       0       1

Buddika Tuesday, 20 August 2024 05:11 AM

මොකටද ගියේ? මිනිස්සු අන්දවන්න.අන්දවල බලය ෆන්න. ආගම් එපා කිව්ව මේ මිනිහා අද බලයට ඇති කෑදරකම නිසා මෙතෙන්ට ගියේ.නාමයෝජනා දෙන්න කලින් අගලවත් තිබ්බෙ නෑ වැස්සකටවත් පන්සලකට ගියා කියල.මේ මිනිස්සු විස්වාස කල නොගැකියි.ඉන්දියාවෙ ප්‍රවීන රාජ්‍යතාන්ත්‍රිකටෙක් වන ශිවසන්කර් මෙනන්ගෙ "චොයිස්", කියන පොතෙ තියනව ලංකාවට කොටි සංවිධානය සහ ජවිපෙ එකතුව කල විනාසයේ ප්‍රමානය ඩොලර් බිලියන 200ක් බවට.එහෙව් විනාසයක් කරපු මෙ මිනිස්සු රට විනාස නොකරයි කියල කොහොමද හිතන්නෙ??

:       0       1

Hiru Tuesday, 20 August 2024 05:54 AM

රනිල් 1977 සිට දේශපාලනයේ යෙදී සිටින අතර තවමත් විහිළුකාරයෙකු මෙන් රැස්වීම් අමතමින් එක්සත් ජාතික පාක්ෂිකයින් පසුගිය මැතිවරණයේදී ලෝකයේ කිසිම හිටපු අගමැතිවරයෙකුට අඩුම ඡන්ද ලබා දීම ගැන (ඔහුගේ මනාප පවා ගණන් කර නැත) ඔවුන්ගේ කෝපය පෙන්වූහ. අඩු ගුණාත්මක ගෑස් බෙදා හැරීමෙන් මතක තබා ගන්න; අහිංසක ජීවිත කිහිපයක් විනාශ වී ඇති අතර එයට වගකිව යුතු බොහෝ දෙනෙක් ඔහු සමඟ මෙම වේදිකාවේ වාඩි වී සිටිති. ශාපයක් ලෙස මරා ගෑස් ටැංකිය ලකුණින් ඡන්දය ඉල්ලනවා.

:       1       0

අරවින්ද මොනරවිල Tuesday, 20 August 2024 08:01 AM

අනාගත ජනාධිපතිට හැමෝගේම ආශිර්වාදය හා කැමැත්ත ලැබෙනවා. ඒ නිසා රට වෙනුවෙන් නොබියව පෙර එනු අනුර කුමරුවනී...

:       1       0

Rukmal Dias Tuesday, 20 August 2024 08:48 AM

සුබ පැතුම් ජය වේවා...

:       1       0

Asitha Tuesday, 20 August 2024 11:42 AM

ගම අනුරාධපුරේ වුණාට අටමස්ථානය වඳින්න යන ජීවිතේ පළවෙනි වතාව නේද? නිරාගමික කියලා බුදුදහමටයි, සිද්ධස්ථානවලටයි විතරක් බැන බැන ඉඳලා එකපාරටම මොකද දන්නේ නෑ. පන්සල් මතක් වුනේ. සමීක්ශණ වාර්ථා වලින් බෞද්ධ ඡන්ද හම්බෙන්නෙ නෑ කියලා‍ එළි වුණා නේද?

:       1       2

ජගත් ලියනගේ Tuesday, 20 August 2024 01:23 PM

"ජනාධිපති" කියන තනතුර රටට ලොකුම බරක් . ඒක නැති කරන එක ඉතාමත් හොඳ වැඩක් .

:       0       1

sugath Tuesday, 20 August 2024 03:53 PM

ලොක්කා පන්සල් යනවා දකින්නත් ආසයි. ගෝත්‍රික වැඩ කරනවා, කොහොම බලන් ඉන්නද?

:       0       37

Nishan Wednesday, 21 August 2024 05:52 AM

පන්සල් යන එක ගෝත්‍රිකයි, බෝ ගහට වඳින එක ගෝත්‍රිකයි, තක්කඩි දේශපාලකයාගේ අන්තිම නවාතැන පන්සලයි කියපු හාදයා මෙන්න බොලේ දැන් පන්සලේ පදිංචි වෙලා. කමක් නෑ මිසදිටු අජාසත්තත් අවසන් මොහොතේදී බුදුන් සරණ ගියානේ.

:       2       43

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30502 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12516 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10903 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 786 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 241 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 887 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site