
(ගයාන් සූරිය ආරච්චි)
සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩංගුවට ගත් බව වාරියපොළ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 36ක් වයසැති මිනුවන් ගැටේ, වල් පාළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මියගිය පුද්ගලයා සැකකරුගේ බිරිඳ සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර සැකකරු නිවසේ නැතැයි සිතා බිරිය අනියම් සැමියා නිවෙසට ගෙන්වා ගැනීමට ජංගම දුරකථනයෙන් කෙටි පණිවිඩයක් යවා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඒ අනුව අනියම් සැමියා නිවසට පැමිණි පසු නිවසේ සැඟවී සිටි සැමියා විසින් ඔහුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහරදී ඇති බව පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු තිස්තුනක් වන අවුලේ ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පවසයි.
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ගැටළු සමාජ මනෝ විද්‍යාත්මක ගැටළු..අන්තිමට අහිතකර ප්‍රතිඵල ලැබුණාම නීතිය අනුව කටයුතු කරන්න වෙනවා. හරිම අවාසනාවන්ත දේවල්...