
(හෙන්රි ලයනල්)
ස්වාධීන ජනාධිපති අපේක්ෂක පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා පොළොන්නරුව පුලස්තිගම 400 නගරයේදී පැවැති සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රවර්ධන ජනහමුවක් අමතමින් සිටියදී අතරමගදී ජන හමුව ඇමැතීම නතර කර වේදිකාවෙන් බැසීමට සිදුවිය.
එසේ ඔහු වෙදිකාවෙන් බස්සවනු ලැබුවෙ එම ජන හමුව පැවැත්වෙන අතරතුර යම් පිරිසක් ලබා දුන් තොරතුරක් මත එහි පැමිණි පොළොන්නරුව දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරීමේ ඒකකයේ ප්‍රධානි රුවන් රාජශිල්ප මහතා පවතින මැතිවරණ නීති අනුව ජනාධිපති අපේක්ෂකයකුට වෙනත් ජනාධිපති අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කළ නොහැකි බව පැහැදිලි කරදීම හේතුවෙනි.
ඒ අනුව ලබා දුන් උපදෙස් මත සිඩ්නි ජයරත්න මහතාට එම රැලිය ඇමැතීම නතර කිරීමට සිදුවිය.
සජිත් ප්‍රේමදාස මහතාගේ මාතර සහ තංගල්ල ප්‍රදේශවල මැතිවරණ රැස්වීම් කිහිපයකට ගොඩවී කතා පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂකයකු වන ප්‍රේමසිරි මානගේ මහතාට ද පසුගිය ද චෝදනා එල්ල විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන් වගේ උන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඕනේ
තමන්ටම තමන් විශ්වාස නැති මිනිහෙක්ව රටක් විශ්වාස කරන්න ඕනද ?
මෙහෙම අයව වේදිකාවලට නග්ගවන බංකොලොත් පක්ෂවල අයට ඡන්දේ නොදීය යුතුයි
මේක සජිත් බබා නොදැන කළ දෙයක් වෙන්න බැහැ, එහෙම මිනිහෙක් බලයට පත්කරනවාද? මේ වගේ අපතයො නිසා ඡන්ද පත්‍රිකාව දිග වැඩි වීමෙන් වන පිරිවැය සජිත්ගේ නිධන් කඩපු මුදලින් පියවනවද? රට පුරාම ඩමි අපේක්ෂකයන් දමාගෙන මේ කරන බාල වැඩ සජිත්ගෙ ළමා මනසට නම් ආශ්වාදයක් වෙන්න ඇති.