(සුජිත් හේවාජුලිගේ)
අන්තර්වාර රජයකත් අගමැතිවරයා තමා බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
කෙසේ වෙතත් එකාට එකා නැති තත්වයක් යටතේ අන්තර්වාර රජයක් පිහිටුවන්නේ කෙසේදැයි අගමැතිවරයා ප්‍රශ්න කළේය.
තමාට ඉවත්වන්නැයි ඉල්ලා ඇත්තේ ඉතිහාසය ගැන නොදන්නා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පමණක් බවත් මන්ත්‍රීවරුන් බහුතරයක් තමා සමග සිටින බවත් ඔහු කීවේය.
කොළඹ ගාලු මුවදොර පිටියේ අරගලයේ යෙදී සිටින තරුණ තරුණියන්ට සාකච්ඡා සඳහා තමා නැවත වතාවක් ආරාධනා කරන බව පැවසූ මහින්ද රාජපක්ෂ මහතා එසේ නොපැමිණෙන්නේ නම් ඔවුනට දිගටම අරගල කරමින් සිටීමට සිදුවන බවද ප්‍රකාශ කළේය.
රට යම් අසීරු තැනක තිබෙන බව තමා පිළිගන්නේ යයිද අර්බුදයෙන් රට ගොඩ ගැනීමට රජයට ශක්තිය ඇතැයිද රාජපක්ෂ මහතා පැවසීය.
රට මීට වඩා අර්බුදවලට මුහුණ දුන් අවස්ථා ඉතිහාසයේ ඕනෑ තරම් තිබූ බව ඔහු වැඩිදුරටත් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොලේ කොලොප්පම් වෙලා වගේ. තාමත් බලයට කෑදරව දඟලනවා.
ඔයාලගේ පැටිකිරිය දැන් ජනතාව දන්නවා. ජම්පරේ අඳින්න ලෑස්ති වෙන්න.
මෙයා හිතන් ඉන්නේ මේ රටේ අයිතිකාරයා කියලද?
රටට දෙවියන්ගේම පිහිටයි...!
මමයි රජා... ජනතාවට ඉතා සුලු ප්‍රශ්න කීපයක් තියෙන බව දන්නවද දන්නේ නැහැ...
පුදුම තණ්හාවක්නේ තියෙන්නේ...!
උද්දච්චකම. කවදා හරි ඉතිහාසයේ සඳහන් වෙන්නේ මෙතෙක් ලංකාවේ සිටි ලොකුම දේශද්‍රෝහියා ලෙස තමයි.
රටේ මීටත් වඩා අමාරු කාල තිබ්බලු... අනේ අනේ... අනේ අම්මපා බොල ඩේසි ආච්චිගේ කාලෙද කියලා එයාගෙන් අහන්න ඕනේ...
මෙහෙමත් තණ්හාවක්... රටත් එක්ක පුදුම වෛරයකින් ඉන්නේ... මම හිතන්නේ ලෝකෙවත් නැතිව ඇති.
අනේ යන්නකෝ තවත් පව් නොදී...!
විමලයටද කිව්වේ?
හැමෝම කියන්නෙත් ඒකයි. ඉතිහාසය දිහා හැරිලා බලන්න. ඉරාකයේ සදාම් හුසේන්, උගන්ඩාවේ ඉඩි අමීන්, ජර්මනියේ ඇඩල්ෆ් හිට්ලර්, කාම්බෝජියාවේ පොල්පොට්, පිලිපීනයේ මාකස් වගේ අයට මොකද වුණේ කියලා පොඩ්ඩක් හිතන්න. තවමත් ප්‍රමාද නැහැ. ආපහු හැරෙන්න බැරි තිනට නොයන්න.
ලෝබී පාලකයින්...!
රාජපක්ෂවරු විතරක් එකතුවෙලා සෙල්ලම් පාර්ලිමේන්තුවක් දාලා ඒකෙ අගමැති වෙන්නකෝ ආසනම්, ඉන්නවනේ සහෝදරවරු බෑනල පුතාල සෙට් එකක් . මෙයා ගඩාෆිට වෙච්චිදේ කවුරුහරි පහදලා දෙන්නකෝ...!!! ළඟ ඉන්න කෙනෙක්...
විහිළුවක් වුණත් අවසානයේදී ඛේදවාචකයකින් අවසන් විය හැක...!
මෙහෙම තණ්හාවක්. මෙයාට තියෙන්නේ තව තවත් හොරා කන්න ඕනෑකම. මෙයාව ලෝකයේ කිසිම රාජ්‍ය නායකයෙක් ගණන් ගන්නේ නැත...!
හොඳම එකෙන් නාගන්නයි හදන්නේ...
තමුන් බලලෝභී, බඩගෝස්තරවාදි, දූෂිත නායකයෙක් කියලා ලෝකෙම දන්නවා. ගහපු ගේම් ගැන, කරපු මහා පරිමාණ හොරකම්, වන්චා දූෂණ, සුදු වෑන්, ඝාතන, අතුරුදහන් නම් ඉතිහාසය පුරාවටම තියෙනවා. ජනතාවට කරපු විනාසෙට ගැලවීමක් නැතිවෙයි. ස්වභාවධර්මයෙන් හෝ දඬුවම් ලැබේවි. කකුළුවා නටන්නේ වතුර රත් වෙනකම් විතරයි.
අමනකම් විවිධ වේශවලින් පෙන්නුම් කරයි. ඔය වචන ගිලගන්න වෙන දවස ළඟයි. ජම්පරේට බය නම් හොරකම් කළේ ඇයි?
බල ලෝභය..., අවසානය ඉතාමත්ම කටුකයි..!
අනේ මෙහෙම තණ්හාවක්... අනේ මෙහෙම ආසාවක්... මහින්ද ලැබෙයිද ඉන් සැනසීමක්...!!!
ගඩාෆිට අඩුම තරමින් හමුදා පුහුණුවක් තිබුණා. මෙයාට ඒකවත් නෑ.
මිනිස්සු මෙච්චර කියන දේ තේරෙන්නේ නැහැ. වටේ ඉන්න වහල්ලුන්ගෙන් නොවේ පාරට බැහැලා රටේ සාමාන්‍ය මිනිස්සුන්ගෙන් අහලා බලපන්... මිත්‍රවරුනි, තැන තැන අරගල එකතු කරලා දීප ව්‍යාප්ත අරගලයට කාලේ හරි. මෙයා අයින්වෙන්නේ නැහැ. 225 ටත් මේ රට ගොඩගන්න අවංක වුවමනාවක් නැහැ. සංවිධානය වන්න. ජනතාව දැනුවත් කරන්න පටනගත් දේ ඉවර කරමු. විකල්පයක් නැහැ. අරගලයට ජයවේවා..!.
මහත්තයෝ, නම්බු පිටින් යන්න. එළවන තුරු ඉන්න එක එච්චර ගුණ නැහැ...!
මේ නිසා මහා විනාශයක් සිදුවෙනවා. මේ සියල්ලකටම වගකිව යුත්තේ සිරා සහ රනිල් යන්නන්ය. එදා යහපාලන බලය ගත්තු දවසේම මේ හිඟන හොරුන්ට විරුද්ධව නඩු අසා වහාම " අමුඩ ගස්සවා" කූඩුවට දැම්මා නම්... අද අපේ රටට මෙවැනි ව්‍යසනයක් සිදුනොවීමට ඉඩ තිබුණා.
අංගොඩට යමු...
ඔහොම නටන්න... ඔය බලය නැතිවුණු දාට බල්ලෙක් වගේ බල්ලෙක් වගේ පාරේ යන්න වෙන්නේ... ඒකත් මතක තියා ගත්තොත් හොඳයි..
මොලේ කචල්ද? රටම කාලා විනාශ කරලා. මිනිස්සු කියන්නේ පරපුරටම තොලොංචිවෙලා යන්න කියලා. ඉන්නේ වලපයයි, ගොඩපයයි.
අනේ මෙහෙම තණ්හාවක්... අනේ මෙහෙම ආසාවක්... මිනිසුනි, ලැබේද ඉන් සැනසීමක්...///
දේශපාලනයේ සිටි සහ සිටින එකම පිරිමියා. නිහඬතාව බිඳ නොසැලී නැවතත් එදිරියට. කෑගහන උදවිය විනාඩියක් නිශ්ශබ්දව අතීතය සිහි කරන්න...
මේ වගේ ලැජ්ජා නැති, පජාත වෙච්චි බලලෝභි නායකයෙක් 1948න් පස්සේ ඔය ලංකාවේ උන්නමයි අවුරුදු 50ක් හොරාකාලාම බලයට කෑදර බලලෝභියාට දැන් දාලා යන්න බැරුව ඇති...!
ඔයා බලය දාලා යන්න බයයි. මොකද බලයේ ඉන්නකන් විතරයි ඔයා ආරක්ෂිත කියලා ඔයා දන්නවා.
දූෂණ දේශපාලනයේ මහ මොලකාරයා.. රටේ හැමතැනම දූෂණය පැතිරෙව්වා.. රටේ උගත්, බුද්ධිමත් සාධාරණ මිනිස්සුන්ට රට එපා කෙරුවා. ඕවාට ස්වභාව ධර්මයෙන් උත්තර දෙයි..
මොකටද අන්තර්වාර රජයක්...? ඔය ඉන්න විදියටම හිටියාම ඉවරයිනේ. ජනතාව කියන්නේ මොකක්ද කියාවත් නොතේරෙන බවයි අපට හිතෙන්නේ... උද්ඝෝෂණකරුවන් සාකච්ඡාවට ආවත් රජයේ තීරණයනේ ඔය කියලා තියෙන්නේ. රටක් පවුලේ බූදලයක් වුණාම තමයි ඔය වගේ කතා කරන්නේ. ලැජ්ජයි, කණගාටුයි.
මෙයාට තියෙන බල තණ්හාව...
බල තණ්හාවයි..., කෑදරකමයි එකතුවෙලා රට නැතිකරනවා. අයින් වෙන්න අදහසක්වත් නෑ...
නැතුව වෙන කව්ද අගමැති වෙන්න සුදුසු? මොකෝ සජිත්ට දෙන්නද? අනුරට දෙන්නද? ඒ ගොල්ලෝ කවදා කරපු අගමැතිකම්ද?